Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

ට්‍රම්ප් පරිපාලනය විදේශිකයින් 100,000කගේ වීසා අවලංගු කරලා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලයට පත්වීමෙන් පසු 100,000 කට වැඩි වීසා අවලංගු කිරීම් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එය ඔහුගේ පරිපාලනයේ ක්‍රියාත්මක දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති පෙන්නුම් කිරීමක් බව සඳහන් වේ.එහිදී වලංගු වීසා බලපත්‍ර ඇති පිරිස් ඇතුළුව අති විශාල සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.සමාජ මාධ්‍ය දැඩිව පරීක්ෂා කිරීම සහ…

Published 14-01-2026 2 min read
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලයට පත්වීමෙන් පසු 100,000 කට වැඩි වීසා අවලංගු කිරීම් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එය ඔහුගේ පරිපාලනයේ ක්‍රියාත්මක දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති පෙන්නුම් කිරීමක් බව සඳහන් වේ.එහිදී වලංගු වීසා බලපත්‍ර ඇති පිරිස් ඇතුළුව අති විශාල සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.සමාජ මාධ්‍ය දැඩිව පරීක්ෂා කිරීම සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පුළුල්ව පරීක්ෂා කිරීම ද වීසා ලබාදිමේ දී සිදුකර ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් X සටහනක් සඳහන් කරමින් පවසා ඇත්තේ මේ වන විට වීසා 100,000 කට වඩා අවලංගු කර ඇති අතර, ඒ අතරට ශිෂ්‍ය වීසා 8,000 ක් සහ අපරාධ ක්‍රියාකාරකම් සම්බන්යෙන් එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ගැටුණු පුද්ගලයින් 2,500 කගේ පමණ වීසා මෙම අවලංගු කිරීම් වලට ඇතුළත් බවය.
එමෙන්ම වැඩිදුරටත් එම සටහනේ සඳහන් කර ඇත්තේ අමෙරිකාව ආරක්ෂිතව තබාගැනීම සඳහා මෙම “මැරයන්” පිටුවහල් කිරීම දිගටම සිදුකරන බවය.
මෙම වීසා අවලංගු කිරීම් සඳහා ප්‍රධාන හේතු ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහන් කර ඇත්තේ, අනවසරයෙන් රැඳී සිටීම, බීමත්ව රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම යන කරුණුය.
එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක ටොමී පිගොට් පවසා ඇත්තේ මෙම වීසා අවලංගු කිරීම් 2024 සිට බලන විට 150% ක වැඩිවීමක් බවය.
මේ අතර අමෙරිකාවේ සිටින සියලුම විදේශීය ජාතිකයන් එරට නීතිවලට අනුකූල විය යුතු බවත්, අමෙරිකානු පුරවැසියන්ට තර්ජනයක් වන පුද්ගලයින්ගේ වීසා ඉතා ඉක්මනින් අවලංගු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අඛණ්ඩ පරීක්‍ෂණ සඳහා මධ්‍යස්ථානයක් ද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවද සඳහන් වේ.
2025 ජනවාරි 20 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසු, 80,000කගේ පමණ සංක්‍රමණික නොවන වීසා අවලංගු කර ඇති බව සඳහන් වේ.
ඒ බීමතින් රිය පැදවීම, පහරදීම සහ සොරකම් කිරීම යන වැරදී සම්බනධයෙනි.
මෙම වසරේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝග මගින් විදේශීය රටවල සිටින එක්සත් ජනපද තානාපතිවරුන්ට සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ටද නියෝග කර ඇත්තේ, එක්සත් ජනපදයට සතුරු යැයි සලකන සහ දේශපාලන ක්‍රියාකාරීත්වයේ ඉතිහාසයක් ඇති ඕනෑම අයදුම්කරුවෙකුට එරෙහිව සුපරීක්ෂාකාරී වන ලෙසටය.
මේ අතර, ශිෂ්‍ය වීසා දරන්නන් සහ “green cards” සහිත නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන් ද යම් ආකාරයකින් පලස්තීනුවන්ට සහාය දැක්වීම සහ ගාසා තීරයේ යුද්ධයේදී ඊශ්‍රායලයේ හැසිරීම විවේචනය කිරීමකට සම්බන්ධ නම් ඔවුන් ද පිටුවහල් කිරීමට යටත් වන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දී තිබේ.
එම පිරිස් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තීන්ට තර්ජනයක් ලෙස හඳුන්වන බවත් ඔවුන් හමාස් හිතවාදීන් බවට චෝදනා කරන බවත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.