Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

ඇලිසා හීලිගෙන් ක්‍රිකට් ලොවට අමතක නොවන සමුගැනීමක්

  හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් ගෞරව උත්තමාචාර (Guard of Honour) මධ්‍යයේ සිය අවසන් එක්දින තරගයට පිවිසි ඇලිසා හීලි (Alyssa Healy), වසර 16ක අතිවිශිෂ්ට ක්‍රිකට් දිවියකට සමු ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක ලෙස සැලකෙන ඇය, ප්‍රේක්ෂකයන්ගේ නොමඳ අත්පොළසන් නාදය මධ්‍යයේ පිතිකරණය සඳහා පිටියට පිවිසියේ අතිශය හැඟුම්බර මොහොතක් නිර්මාණය කරමිනි. හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී…

Published 01-03-2026 2 min read

 

 හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් ගෞරව උත්තමාචාර (Guard of Honour) මධ්‍යයේ සිය අවසන් එක්දින තරගයට පිවිසි ඇලිසා හීලි (Alyssa Healy), වසර 16ක අතිවිශිෂ්ට ක්‍රිකට් දිවියකට සමු  ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක ලෙස සැලකෙන ඇය, ප්‍රේක්ෂකයන්ගේ නොමඳ අත්පොළසන් නාදය මධ්‍යයේ පිතිකරණය සඳහා පිටියට පිවිසියේ අතිශය හැඟුම්බර මොහොතක් නිර්මාණය කරමිනි. හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (මාර්තු 1) රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උත්තමාචාර මධ්‍යයේ, ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩිකා ඇලිසා හීලි සිය එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගත්තේ අදහාගත නොහැකි ඉනිමක් ක්‍රීඩා කරමිනි.

(Photo by Steve Bell/Getty Images)

2010 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඇලිසා හීලි, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළ ලෝක කුසලාන 8 (T20 ලෝක කුසලාන 6ක් සහ එක්දින ලෝක කුසලාන 2ක්) කොටස්කාරියකි. ඇයගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකෙන්නේ 2022 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 170ක දැවැන්ත ඉනිමයි. එය ලෝක කුසලාන අවසන් මහා තරගයකදී පිතිකරුවෙකු (පිරිමි හෝ කාන්තා) වාර්තා කළ ඉහළම තනි ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.

එක්දින ලකුණු 3,500කට අධික ප්‍රමාණයක් සහ T20 ලකුණු 3,000කට අධික ප්‍රමාණයක් රැස් කර ඇති හීලි, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට (dismissals 250+) හිමිකම් කියන කඩුලු රකින්නිය ද වේ. මෙග් ලැනින්ගෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය භාරගත් ඇය, සිය ක්‍රීඩා දිවියේ සැඳෑ සමයේදී කණ්ඩායම ඉතා දක්ෂ ලෙස මෙහෙයවීමට ද සමත් වූවාය.

 (Photo by Steve Bell/Getty Images)

ඇලිසා හීලි ක්‍රිකට් ලොව වඩාත්ම ජනප්‍රිය සහ සාර්ථකම ක්‍රීඩා යුවළකගේ එක් පාර්ශ්වයකි. ඇය ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේ (Mitchell Starc) ආදරණීය බිරිඳ වන අතර, ඔවුන් දෙදෙනාම ලෝක කුසලාන ජයග්‍රාහකයින් වීම විශේෂත්වයකි. බොහෝ විට සිය සැමියාගේ තරග නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණෙන හීලිට, ඇයගේ අවසන් තරගාවලිය සඳහා ස්ටාර්ක් ඇතුළු පවුලේ පිරිසගේ සහයෝගය ද නොඅඩුව ලැබී තිබේ.

සිය විශ්‍රාම ගැනීම පිළිබඳව අදහස් දක්වමින් 35 හැවිරිදි හීලි ප්‍රකාශ කළේ, පසුගිය වසර කිහිපය තුළ ඇති වූ ආබාධ සහ මානසික විඩාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. “මගේ තරගකාරීත්වය දැන් අඩුවෙලා. මම තවමත් ක්‍රීඩාවට ආදරෙයි, නමුත් ශාරීරිකවත් මානසිකවත් මම දැන් සෑහෙන්න වෙහෙසට පත්වෙලා ඉන්නේ. ඒ නිසා සමුගැනීමට මෙය සුදුසුම කාලයයි,” යනුවෙන් ඇය සඳහන් කළාය.

 (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)
 (Photo by Ryan Pierse/Getty Images)

අද පැවති එක්දින තරගයෙන් ඇය එක්දින පිටියට සමුදුන්න ද, ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසාන තරගය වන්නේ ලබන මාර්තු 6 වනදා පර්ත්හි WACA ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගයයි.

වසර 16ක කාලයක් පුරා ලෝක ක්‍රිකට් පිටිය පාලනය කළ මේ අසහාය ක්‍රීඩිකාවගේ නික්මයාම ක්‍රිකට් ලෝකයට විශාල අඩුවක් වනු නොඅනුමානය.

Thank you, Alyssa, One of the Greatest in Women’s Cricket.

– උපුටාගැනීම  CricAsylum FB Page

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.