Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

අපට අහිමි වූ ඉරාන මිතුරා

  ඉරාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක සහ දැඩි මතධාරී නායකයෙකු ලෙස සැලකෙන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, 2026 පෙබරවාරි 28 වන දින ටෙහෙරාන් නුවරට එල්ල වූ ඒකාබද්ධ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.විදේශ මාධ්‍ය පවසන පරිදි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු සිය නිවසේ සිට ඇති අතර, එය සෘජු ප්‍රහාරයක් බව මාධ්‍ය වාර්තා තහවුරු කරයි. 1956…

Published 01-03-2026 2 min read

 

ඉරාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක සහ දැඩි මතධාරී නායකයෙකු ලෙස සැලකෙන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, 2026 පෙබරවාරි 28 වන දින ටෙහෙරාන් නුවරට එල්ල වූ ඒකාබද්ධ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.විදේශ මාධ්‍ය පවසන පරිදි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු සිය නිවසේ සිට ඇති අතර, එය සෘජු ප්‍රහාරයක් බව මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

 (Photo by Spencer Platt/Getty Images)

1956 ඔක්තෝබර් 28 වන දින උපත ලැබූ අහමදිනෙජාද්, තරුණ වියේදී ඉරාන විප්ලවය විසින් හැඩගස්වන ලද නායකයෙකි. සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ඔහු, 2003 වසරේදී ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙස පත්වෙමින් සිය දේශපාලන බලය තහවුරු කරගත්තේය. එහිදී ඔහු අනුගමනය කළ දැඩි ආගමික සහ සම්ප්‍රදායික පිළිවෙත නිසා ඉරානයේ දුප්පත් ජනතාව අතරදුප්පතුන්ගේ මිනිසාලෙස ජනප්‍රියත්වයට පත් විය.

2005 වසරේදී ඉරානයේ ජනාධිපති ධුරයට පත්වූ ඔහු, ලොව පුරා දැඩි අවධානයට ලක්වූයේ බටහිර විරෝධී ආකල්ප නිසාය. ඔහුගේ පාලන කාලය තුළ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වේගවත් කරමින් ජාත්‍යන්තර සම්බාධකවලට නොබියව මුහුණ දුන්නේය.ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දැමිය යුතු බවට ප්‍රකාශ කරමින් මැදපෙරදිග දේශපාලනය ගිනියම් කළේය.හොලෝකෝස්ටය (යුදෙව් සමූලඝාතනය) මිථ්‍යාවක් බව පවසමින් දැඩි ජාත්‍යන්තර විවේචනයට ලක් විය.

ඔහුගේ 2009 දෙවන මැතිවරණ ජයග්‍රහණය දූෂිත බව පවසමින් ඉරානය පුරා දැවැන්ත ජනතා විරෝධතා මතු වූ අතර, එය ඔහුගේ පාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

සිය දෙවන ධුර කාලය අවසානය වන විට අහමදිනෙජාද් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනි සමඟ පවා විවෘතව ගැටුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පසුකාලීන මැතිවරණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව ඉරාන ආරක්ෂක මණ්ඩලය විසින් වළක්වන ලදී. මියයන විට ඔහු ඉරාන පාලනය තුළ දැඩි විවේචනයට ලක්ව සිටි අතර, වාර්තා වන පරිදි ඔහු නිවාස අඩස්සියේ පසු වූ බව ද පැවසේ.

අහමදිනෙජාද් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ආසියානු සංචාරය සඳහා තෝරා ගත්තේ ශ්‍රී ලංකාවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉරානය සමඟ සබඳතාවලට ප්‍රමුඛතාවක් ලබා දුන්නේය.ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආධාර සපයන රටක් ලෙස ඉරානය පත් විය උමා ඔය බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරානය ඇමෙරිකානු ඩොලර් මිලියන 450-500 ක මුදලක් ලබා දුන්නේය.තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව දෙගුණ කිරීමට සහ ග්‍රාමීය විදුලිබල ව්‍යාපෘති සඳහා ඉරානය ආයෝජනය කළේය.එමෙන්ම ලංකා තේ සඳහා මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම ගැනුම්කරුවෙකු වූයේ ද ඉරානයයි.

අහමදිනෙජාද් මහතා විසින් ආරම්භ කරන ලද උමා ඔය සංවර්ධන ව්‍යපෘතියේ උමා ඔය ජල විදුලි සංකීර්ණය විවෘත කිරීම 2024 අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා විසින් සිදු කළේයපසුගිය දින දෙක තුල ආරම්භ වූ මෙම බරපතල යුදමය තත්ත්වය හමුවේ, අහමදිනෙජාද්ගේ මරණය ඉරාන දේශපාලනයේ යුගයක නිමාව සනිටුහන් කරයි. වසර 69ක් ආයු වැළඳූ ඔහු, ඉරාන දේශපාලනය තුළ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන සිතියම තුළ ද කිසිදා නොමැකෙන, මතභේදාත්මක මතකයන් ඉතිරි කර සමුගෙන ගොස් ඇත.

සටහන :සම්පත් දිල්ලිමුණි

More from this investigation

The dossier →
Foreign

ඇලිසා හීලිගෙන් ක්‍රිකට් ලොවට අමතක නොවන සමුගැනීමක්

  හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් ගෞරව උත්තමාචාර (Guard of Honour) මධ්‍යයේ සිය අවසන් එක්දින තරගයට පිවිසි ඇලිසා හීලි (Alyssa Healy),…

01-03-2026
Foreign

කොන්ඩම් ඉවරයි

ශීත ඍතු ඔලිම්පික් 2026 මහා ක්‍රීඩා උළෙල දැන් ඉතාලියේ පැවැත්වෙන අතර උළෙලේ තරඟකරුවන් සඳහා නොමිලේ ලබාදෙන කොන්ඩම් සලාකය දින තුනක් ඇතුළත වාර්තාගත…

17-02-2026
Foreign

ඉන්දියාව හරහා ආසියාවම අල්ලන හැටි ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා ඉහළ වැදගත්කමකින් යුක්ත වන අතර, එම හේතුව නිසාම විවිධ බලපෑම්වලට (Coercion) ලක්වීමේ ඉලක්කයක් බවට පත්වීමේ අවදානමක් ද…

17-02-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.