Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

කොන්ඩම් ඉවරයි

ශීත ඍතු ඔලිම්පික් 2026 මහා ක්‍රීඩා උළෙල දැන් ඉතාලියේ පැවැත්වෙන අතර උළෙලේ තරඟකරුවන් සඳහා නොමිලේ ලබාදෙන කොන්ඩම් සලාකය දින තුනක් ඇතුළත වාර්තාගත ලෙස අවසන් වී ඇත. “සැපයුම් දින තුනකින් අවසන් වෙලා, ඔවුන් අපට තවත් කොන්ඩම් ගේන්න පොරොන්දු උනා නමුත් කවදා ගෙනේදැයි කවුද දන්නේ.” ක්‍රිඩකයෙක් ඉතා කනස්සල්ලෙන් පවසා තිබේ. එසේම මෙවර ඔලිම්පික් සංවිධායකයින්ට දොස් පවරමින්, ඔවුන්…

Published 17-02-2026 1 min read

ශීත ඍතු ඔලිම්පික් 2026 මහා ක්‍රීඩා උළෙල දැන් ඉතාලියේ පැවැත්වෙන අතර උළෙලේ තරඟකරුවන් සඳහා නොමිලේ ලබාදෙන කොන්ඩම්  සලාකය දින තුනක් ඇතුළත වාර්තාගත ලෙස අවසන් වී ඇත.

සැපයුම් දින තුනකින් අවසන් වෙලා, ඔවුන් අපට තවත් කොන්ඩම් ගේන්න පොරොන්දු උනා නමුත් කවදා ගෙනේදැයි කවුද දන්නේ.” ක්‍රිඩකයෙක් ඉතා කනස්සල්ලෙන් පවසා තිබේ.

එසේම මෙවර ඔලිම්පික් සංවිධායකයින්ට දොස් පවරමින්, ඔවුන්පැමිණි සංඛ්‍යා සමඟ විශේෂයෙන් ත්‍යාගශීලීනොවූ බව පවසමින්. “මිට කලින් ප්‍රංශයේ ඔලිම්පික් තිබ්බ. පැරිසියේදී නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොන්ඩම් 300,00 ක් ලැබුනා දිනකට දෙකක් බැගින්  නමුත් මෙම ශීත ඍතු ක්‍රීඩා උළලේ සලාකේ කපල 10,000 ක්වත් ගෙනල්ල නෑ ” La Stampa ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වේ.

සැබෑ තත්වය ගත් විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චෝදනාව පදනම් විරහිත වන්නේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අඩු සංඛ්‍යාවක් තරඟ වදින අතර, එය වසර දෙකකට පෙර පැරිස් ක්‍රීඩා උළෙලේදී එම ප්‍රමාණය10,500 ක් පමණ වූ නිසාය.

පසුගිය සතියේ ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ ආණ්ඩුකාර ඇටිලියෝ ෆොන්ටානා අවධාරනය කළේ මෙම මාතෘකාව අපහසුතාවයට හේතුවක් නොවිය යුතු බවයි. “ඔව්, අපි ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ කොන්ඩම් සලාකය ලබා දෙනවා ඔවුන් අපහසුතාවයට පත් කරන්නේ නෑ. මෙවර හිතුවටත් වඩා ඔවුන් පාවිච්චි කරලාඔහු සමාව ඉල්ලමින් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණයින් අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා මෙම කොන්ඩම් සලාක වැඩපිළිවෙල දකුණු කොරියාවේ සෝල් හි 1998 දී ආරම්භ විය.

ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඔලිවියා ස්මාර්ට් විසින් ඉන්ස්ටග්‍රෑම් සටහනක් ද බෙදා ගත් අතර, එහි ඇය තම අනුගාමිකයින්ට කහ පැහැති ලොම්බාර්ඩි කලාප ලාංඡනය සහිත මුද්‍රා තැබූ කොන්ඩම් එකක් පෙන්වාමට ඒවා හම්බ උනාඇය ඉතා සතුටින් එම වීඩියෝ ක්ලිප් එකේ පවසන අතර එය සමාජ මාධ්‍ය පුරා පැතිරගොස් (වයිරල් වී) තිබේ.

රවී දේශප්‍රියගේ සටහනක්

More from this investigation

The dossier →
Foreign

අපට අහිමි වූ ඉරාන මිතුරා

  ඉරාන ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක සහ දැඩි මතධාරී නායකයෙකු ලෙස සැලකෙන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, 2026 පෙබරවාරි 28 වන දින ටෙහෙරාන් නුවරට…

01-03-2026
Foreign

ඇලිසා හීලිගෙන් ක්‍රිකට් ලොවට අමතක නොවන සමුගැනීමක්

  හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් ගෞරව උත්තමාචාර (Guard of Honour) මධ්‍යයේ සිය අවසන් එක්දින තරගයට පිවිසි ඇලිසා හීලි (Alyssa Healy),…

01-03-2026
Foreign

ඉන්දියාව හරහා ආසියාවම අල්ලන හැටි ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා ඉහළ වැදගත්කමකින් යුක්ත වන අතර, එම හේතුව නිසාම විවිධ බලපෑම්වලට (Coercion) ලක්වීමේ ඉලක්කයක් බවට පත්වීමේ අවදානමක් ද…

17-02-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.