Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

ඊශ්‍රායල අගමැතිව පැහැරගන්න – පාකිස්ථාන ආරක්ෂක ඇමති

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැහර ගෙනගොස් ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා. පාකිස්ථානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෑතකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව ඇමරිකාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඒ…

Published 10-01-2026 1 min read

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැහර ගෙනගොස් ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා.

පාකිස්ථානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෑතකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව ඇමරිකාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඒ ආකාරයටම නෙතන්යාහුව අල්ලා ගැනීමටද තමන් සහාය දක්වන බව ඔහු පැවසුවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) නෙතන්යාහුට එරෙහිව ක්‍රියා කර ඇති බැවින්, යුක්තිය ඉටු කිරීම සඳහා රටවල් ඔහුව අත්අඩංගුවට ගත යුතු බව අසීෆ් අවධාරණය කරනවා.

“තුර්කිය විසින් නෙතන්යාහුව පැහැර ගනු ඇතැයි පකිස්ථානුවන් වන අප ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසූ ඔහු, ඔහුව පැහැරගෙන තුර්කියේ අන්කාරා නුවරට ගෙන යනු ඇතැයි අනුමාන කළා.

මෙම සජීවී වැඩසටහන අතරතුර පුවත් ඉදිරිපත් කරන්නා සඳහන් කළේ, විරාමයෙන් පසු අසීෆ් නැවත වැඩසටහනට එක් නොවන බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් 2024 නොවැම්බර් මාසයේදී නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළා.

2024 වසරේ සිට ඊශ්‍රායලය සහ තුර්කිය අතර සබඳතා ඉතා අයහපත් මට්ටමක පවතින අතර, වෙළඳ තහනම් සහ ගුවන් සීමා වැසීම වැනි තීරණ හේතුවෙන් දෙරට අතර දැඩි මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

 

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.