Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

ෂින්සු අබේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි එම චෝදනාවට වරදකරු බව තීන්දු කළ එරට අධිකරණය වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පසුගියදා නියම කළේය. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය වසර 3.5 කට පසුව නඩු විභාගය මෙලෙස අවසන් විය. 2022 වසරේ ජූලි මාසයේදී නාරාහි පැවැති දේශපාලන රැළියකදී හිටපු අග්‍රාමාත්‍ය අබේව දේශීයව නිෂ්පාදනය…

Published 21-01-2026 1 min read

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි එම චෝදනාවට වරදකරු බව තීන්දු කළ එරට අධිකරණය වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පසුගියදා නියම කළේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය වසර 3.5 කට පසුව නඩු විභාගය මෙලෙස අවසන් විය. 2022 වසරේ ජූලි මාසයේදී නාරාහි පැවැති දේශපාලන රැළියකදී හිටපු අග්‍රාමාත්‍ය අබේව දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබිණි.

අනතුරුව එම වසරේ ඔක්තෝබර් මාසයේදී අබේ ඝාතන නඩුව ආරම්භ වූ අතර එහිදී මිනීමැරීමේ චෝදනාවට සහ අනෙකුත් චෝදනාවන්ට යමගාමි වරද පිළිගෙන ඇත.

වෙඩි බෙහෙත් නිපදවීම සහ දේපළ අලාභානි සිදු කිරීම ටෙට්සුයා යමගාමිට එල්ල වූ තවත් චෝදනාවන් දෙකක් විය.

නාරා දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ශිනිචි ටනාකා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණි.

 

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.