Skip to content
Tuesday 25 August 2026 Colombo
Developing what others leave in the dark
Local

වාහන පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් ”ටින් අංකය” අනිවාර්ය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ම සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය. මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් ටින් අංකය අනිවාර්ය කර තිබු අතර…

Published 13-01-2026 1 min read

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් ”ටින් අංකය” අනිවාර්ය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ම සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් ටින් අංකය අනිවාර්ය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්ය කර ඇති බවයි.
ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.

අදාළ නීතිය මීට වසර දෙකකට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවස්ථා ගණනාවකදී කල් දැමුණු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.