දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු මගින් පෙන්නුම් කරන බැවින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය අපරාධ විමර්ශන නැවත වරක් අවධානයට ලක් වී තිබේ. මෑත කාලීන වර්ධනයන් දේශපාලනික වශයෙන් බලවත් පුද්ගලයින් නිදොස් කිරීම සඳහා අඛණ්ඩ විමර්ශන මෙහෙයවනු ලබන්නේද – නැතහොත් විමර්ශකයින්ට වරදකරුවන් බවට පත් කිරීමට අවශ්‍ය සාක්ෂි නොමැතිද යන්න පිළිබඳව ප්‍රශ්නය නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන හරහා මතුවන කරුණකි.
Tangalle Bay හෝටලය ගැන පැය 6ක ප්‍රශ්න කිරීම
සිකුරාදා FCID විසින් නාමල් රාජපක්ෂගෙන් පැය 6ක් ප්‍රශ්න කළේ එ Tangalle Bay Hotel මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබඳවයි.ඒ මෙය නිමල් පෙරේරා විසින් නාමල් වෙනුවෙන් මිලදී ගත් බවට ඇති චෝදනාව මූලික කරගෙනය.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළේ FCID වාර්තාවන්ට අනුව නිමල් පෙරේරා නාමල් වෙනුවෙන් හෝටලය මිලදී ගත් බවට පවසා ඇති බවයි.
ඊට අමතරව එම ප්‍රකාශයෙන් නිමල් පෙරේරා තහවුරු කර ඇත්තේ ඉෂාර නානායක්කාර විසින් LOLC හරහා සකස් කරන ලද ලීසිං පහසුකමක් සහ සජින් වාස් ගුණවර්ධනගෙන් පුද්ගලික ඇපකරයක් ඒ සදහා භාවිතා කර ඇති බවයි.නිමල්ගේ FCID වාර්තාවට අනුව නාමල්ගේ මිළදි ගැනිම පැහැදිලි බවක් නොමැති අතර විමර්ශකයින්ද ඒ හරහා පඹගාලක පැටවි සිටි.අනිත් අතට නිමල් කියන්නේ ඇත්තක්ම නම් මෙම ප්‍රකාශය නිමල් පෙරේරාගේ පෙර ලිඛිත ප්‍රකාශවලට සෘජුවම පටහැනි වේ.
ඔහුගේම ලිඛිත ප්‍රකාශයන්ට අනුව සහ නිමල් පෙරේරාගේ අන්තර්ජාල ලේඛන පරීක්ෂා කළ විට:
Tangalle Bay Hotel මිලදී ගත්තේ George Steuart සමාගම විකිණීමෙන් ලද මුදලින් බව ඔහු පවසා ඇත පසුව හෝටලය USD 2.5 million කට සිංගප්පූරුවේ සමාගමකට විකුණා ඇති බවත් සඳහන් නමුත් ශ්‍රී ලංකාවේ declare කර ඇත්තේ USD 1 million පමණක් මෙය විදේශ ආදායම් සඟවා තැබීම, බදු වංචා, සහ බෙනිෆිෂල් ඔනර්ෂිප් සඟවා තැබීම පිළිබඳ සැක තවදුරටත් ගැඹුරු කරයි.
මිට අමතරව Krish ගනුදෙනුව, රුපියල් 70 million සම්බන්ධයෙන් Colombo Chief Magistrate අධිකරණයට FCID විසින් ඉදිරිපත් කළ ලේඛන අනුවද නිමල් පෙරේරා විසින් අදාළ මුදල් ගිණුමට දැම්මේ කවුරුන් විසින්ද යන්න තවමත් පැහැදිලි කර නෑ.FCID තවදුරටත් පරීක්ෂා කළහොත්, Pan Asia Bank හි නිමල් පෙරේරා සභාපතිව සිටියදී ඇතුළත පාර්ශවවලට ණය අනුමත කිරීම,එම ණය සඳහා ප්‍රතිඵල ලෙස තමන්ගේම සමාගම්වල කොටස් මිලදී ගැනීම වැනි කුප්‍රකට ගණුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි සොයාගත හැකි බව අප සදහන් කර තබමු.
එපමණක් නොව Shangri-La ගනුදෙනුව හරහා අතුරුදහන් වු USD 2.5 million සම්බන්ධයෙන්ද FCID ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස විමර්ෂණ නොකරන්නේ නම් සොයා බැලිය හැක. ඉතා පැහැදිලිවම මෙම මුදල් ප්‍රවාහය නිමල් පෙරේරාගේ විදේශ ගනුදෙනු සමඟ සම්බන්ධ බව අප අනාවරණය කර තබමු.
FCIDට ඔත්තුවක්!
අපට FCIDයට කිමට ඇත්තේ මෙපමණකි. මෙම විමර්ෂණ ගමන් කරන්නේ ඇත්තටම දුෂකයන්ට එරෙහිව නම්,ඒ සදහා ප්‍රමාණවත් සාක්ෂී ඔබ සතුව නැතන්ම් අපට අවශ්‍ය දත්ත ලබාදිය හැකි බවයි. ඇත්ත වසං නොකර රගපෑම් නොකර කරුනු නොදන්නා නිසා නම් අපට අවශ්‍ය දත්ත ලබාදිය හැක. එවිට ඉතා පහසුවෙන් දැනට රජයේ සාක්ෂිකරුවෙකු වී ඇති නිමල් පෙරේරාත් නාමල් සමගම FCID එකට කුදලාගෙන ආ හැක.


