Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ශ්‍රීලංකා වෙරළ රකින්න ඇමරිකානු සහය

ශ්‍රීලංකාවේ මුහුදු සීමාව ආරක්ෂා කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මොහොතක ඒ සදහා සහයවීමට ඇමරිකානු රජය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ තවත් කැපී පෙනෙන පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මීට පෙර ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක ‘Decisive’ නෞකාව ලෙස හැඳුන්වනු ලැබූ P628 නෞකාව බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක ජැටියෙන් අද දින ශ්‍රී ලංකාව බලා පිටත් විය. එක්සත් ජනපදයේ මෙම…

Published 21-02-2026 2 min read

ශ්‍රීලංකාවේ මුහුදු සීමාව ආරක්ෂා කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මොහොතක ඒ සදහා සහයවීමට ඇමරිකානු රජය ඉදිරිපත් වෙයි.

ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ තවත් කැපී පෙනෙන පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මීට පෙර ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක ‘Decisive’ නෞකාව ලෙස හැඳුන්වනු ලැබූ P628 නෞකාව බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක ජැටියෙන් අද දින ශ්‍රී ලංකාව බලා පිටත් විය.

එක්සත් ජනපදයේ මෙම පරිත්‍යාගය, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරන අතර, අඛණ්ඩ අන්‍යෝන්‍ය සහයෝගය සහ සමුද්‍රීය සුරක්ෂිතභාවය සඳහා හවුල් කැපවීම පෙන්නුම් කරයි.
මෙම නෞකාව නාවික සැතපුම් 14,775 ක ගමනක් සිදු කරනු ඇති අතර එය ශ්‍රී ලංකා නාවික නෞකාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි මුහුදු ගමන බවට පත්වීමට නියමිතය.  තවද පැනමා ඇළ හරහා ගමන් කළ පළමු ශ්‍රී ලාංකික නෞකාව මෙය වනු ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දියුණු නාවික හැකියාවන්ට පමණක් නොව, එවැනි සංකීර්ණ සමුද්‍රීය මෙහෙයුම් සඳහා පහසුකම් සපයන ජාත්‍යන්තර සහයෝගීතාවයට ද සාක්ෂියක් වනු ඇත.
කපිතාන් ගයාන් වික්‍රමසූරියගේ නායකත්වය යටතේ, නෞකාව නිලධාරීන් 14 දෙනෙකු සහ නාවිකයින් 72 දෙනෙකු ඇතුළුව ඉහළ පුහුණුව ලත් ශ්‍රී ලාංකික නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 86 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැගෙන යනු ලබයි. ඔවුන්ගේ ගමන් සැලැස්මට, ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සහ මාර්ගය ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති උපායමාර්ගිකව වැදගත් වන වරාය නැවතුම් ස්ථාන කීපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගමනාන්තය අවසන් කිරීමට පෙර, 2026 මැයි 08 වන දින අවසන් තාවකාලික නැවතුම ලෙස ත්‍රිකුණාමලය වෙත ලගාවන අතර, ඒ වන විට නෞකාව දින 77 ක මුහුදු ගමන් කාලයක් සම්පූර්ණ කරනු ලබයි.

මෙම 4 වන එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාව අත්පත් කර ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ශක්තිය වර්ධනය කරගැනීමට ඉවහල් වේ. සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අපගේ සුවිශේෂී ආර්ථික කලාපය පුරා නිරීක්ෂණ හැකියාවන් පුළුල් කිරීම සහ කලාපීය ස්ථාවරත්වයට සැලකිය යුතු ලෙස දායක වීම සඳහා P628 වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

From Left to Right: Dr.Andrew Byers, Deputy Assistant Secretary of War, Ms. Bethany Morrison, Deputy Assistant Secretary of the State Department, Ambassador Mahinda Samarasinghe, Commander Jennifer Blake U.S.N, VADM Kanchana Banagoda, Commander of the SL Navy.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.