Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

තෙල් වලින් බැටකන ජනතාවගේ බඩු මිල ඉහල යන්නේ මෙහෙමයි!

හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පවතින බව Maersk ආයතනය සිය නවතම දත්ත මගින් තහවුරු කරයි. Maersk යනු ලොව ප්‍රමුඛතම නාවික සේවා සපයන්නෙකු වන අතර මෙම ගාස්තු වැඩිවීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සවුදි අරාබිය, බහරේනය, කුවේටය, ඉරාකය සහ ඕමානය යන රටවලට බලපාන…

Published 23-03-2026 3 min read

හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පවතින බව Maersk ආයතනය සිය නවතම දත්ත මගින් තහවුරු කරයි. Maersk යනු ලොව ප්‍රමුඛතම නාවික සේවා සපයන්නෙකු වන අතර මෙම ගාස්තු වැඩිවීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සවුදි අරාබිය, බහරේනය, කුවේටය, ඉරාකය සහ ඕමානය යන රටවලට බලපාන බව Maersk වෙබ් අඩවියේ Local Information – IMEA පුවත් අංශය මගින් නිවේදනය කර ඇත.

Maersk ආයතනය නිකුත් කර ඇති නවතම තොරතුරු අනුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් ඇති වූ බලපෑම ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව වැනි කලාපීය නාවික කේන්ද්‍රස්ථාන වෙත ද සෘජුවම දැනෙමින් පවතී.

කෙසේවෙතත් 2026 මාර්තු 23 වන දිනටත් මෙම කලාපය හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා පනවා ඇති “හදිසි භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව” (Emergency Freight Increase – EFI) නොවෙනස්ව පවතී.

පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් නෞකා සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති අතර, එමගින් මෙහෙයුම් පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව ක්‍රියාත්මක වන වර්තමාන ගාස්තු සංශෝධනය පහත පරිදි වේ:

අද දිනට (2026 මාර්තු 23) අදාළ හදිසි ගාස්තු (EFI):

  • අඩි 20 වියළි බහාලුම් (20′ Dry) වැඩිවන අතිරේක මුදල – $ 1,800
  • අඩි 40 සහ 45 වියළි/HC (40′ & 45′ Dry/HC) වැඩිවන අතිරේක මුදල – $ 3,000
  • රීෆර් සහ විශේෂ බහාලුම් (Reefer/Special/OOG/DG) වැඩිවන අතිරේක මුදල – $ 3,800

ඒ අනුව පසුගිය මාර්තු 02 සහ 03 දිනවල සිට ක්‍රියාත්මක වූ මෙම ගාස්තු සංශෝධනය, දැනට මුහුදේ ගමන් කරමින් පවතින (Cargo in Transit) සහ මෙතෙක් නැව්ගත කර නොමැති සියලුම භාණ්ඩ සඳහා අදාළ වේ.

මෙම රටවල සිට මැදපෙරදිග ගල්ෆ් කලාපයේ වරායන් (UAE, කටාර්, සවුදි අරාබිය, කුවේටය, ඉරාකය) වෙත යැවෙන හෝ එතැන් සිට පැමිණෙන සියලුම භාණ්ඩ සඳහා ඉහත සඳහන් කළ හදිසි භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව (EFI) එනම්, අඩි 20 බහාලුමකට ඩොලර් 1,800 ක් සහ අඩි 40 බහාලුමකට ඩොලර් 3,000 බැගින් අතිරේකව ගෙවීමට සිදුවේ.

විශේෂයෙන්ම කොළඹ සහ සිංගප්පූරුව වැනි ප්‍රතිනැව්ගත කිරීමේ (Transshipment) මධ්‍යස්ථාන හරහා ගල්ෆ් කලාපයට භාණ්ඩ යැවීමේදී පවතින අවදානම සහ නෞකා ප්‍රමුඛතාවන් වෙනස් වීම හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇති අතර, මෙය කලාපීය අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට දැඩි මූල්‍ය පීඩනයක් එල්ල කරනු ඇත.

වර්තමාන තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු Maersk හි නිල වෙබ් අඩවියේ “Red Sea / Gulf of Aden / Hormuz Strait” තත්ත්ව වාර්තා පිටුව හරහා ලබාගත හැකිය.

මේ අතර ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව පසුගිය (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නැංවීමට බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. පවතින ආර්ථික වටපිටාව හමුවේ ආනයන හා අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් කොළඹ වරාය නියෝජනය කරන සියලු සංගම් ඒකාබද්ධව මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ භාණ්ඩ නිෂ්කාශන ප්‍රමාදය සහ ඉන්ධන පෝලිම් හේතුවෙන් ප්‍රවාහන සේවාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”

මේ අතර, ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතාද අදහස් දක්වමින් පැවසුවේ බහාලුම් ප්‍රවාහන ගාස්තුවලට අමතරව ප්‍රමාද ගාස්තුද ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් ..

“අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ”

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.