Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

මේක “හුන්ඩුවක්” උනානම් අපිට මේ ආරක්ෂාව සපයන එක අමාරු වැඩක් නොවේ!

මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සිටිනා විදෙශිකයන් ඉලක්ක කර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කිරිමට ශ්‍රී ලංකා පොලිසියට නියෝග කලද එය එතරම් පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අප වාර්තාකරු සදහන් කරනවා. එම නියෝගයට අනුව ශ්‍රි ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල, විදේශිකයන් රැඳී සිටින හෝටල් සහ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන සඳහා…

Published 03-03-2026 1 min read

මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සිටිනා විදෙශිකයන් ඉලක්ක කර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කිරිමට ශ්‍රී ලංකා පොලිසියට නියෝග කලද එය එතරම් පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අප වාර්තාකරු සදහන් කරනවා.

එම නියෝගයට අනුව ශ්‍රි ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල, විදේශිකයන් රැඳී සිටින හෝටල් සහ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට කටයුතු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තානාපති කාර්යාල හෝ සංචාරකයින් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ විරෝධතා සිදුවිය හැකි බවට ආරක්ෂක අංශ සැක කරන අතර ආණ්ඩුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් බරපතල බියකින් පසුවන බවද ඔහු සදහන් කර තිබේ. ඒ අනුව එවන් තත්ත්වයන් වළක්වා ගැනීමට මෙම හදිසි ආරක්ෂක වැඩපිළිවෙළ යෙදිමට නියෝග කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සංචාරක පොලිස් කොට්ඨාසය ඇතුළු අදාළ අංශ මේ වන විටත් ආරක්ෂක කටයුතු කරමින් සිටින බවත් විශේෂයෙන්ම මෙරට පිහිටි යුදෙව් ආගමික සමාජීය කටයුතු සඳහා භාවිත කරනා ‘චබාද්’ (Chabad) මධ්‍යස්ථාන වෙත පැය 24 පුරා ආරක්ෂාව සැපයීමටද නියෝග කර තිබේන බවද ඔහු සදහන් කළා.

රාජ්‍ය තාන්ත්‍රික කළාප වලත් ආරක්ෂාව තර කරයි!

ඊට අමතරව රාජ්‍ය තාන්ත්‍රික කළාප සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල දිවා/රාත්‍රී මුර සංචාර ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් දී ඇති අතර ඒ තරම් ආරක්ෂාවක් සැපයිම සදහා අවශ්‍ය තරම් පොලිස් නිළධාරින් නොමැති බවද ඔහු පෙන්ව දෙනවා.

තානාපති කාර්යාල සඳහා පැය 24 පුරා ස්ථාවර ආරක්ෂාවක් සැපයීම ද මේ වනවිට අභියෝගයක් වී ඇති බව පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිළධාරියා මෙම මෙහෙයුම සදහා හමුදා කැදවිම අවශ්‍ය බවද පෙන්වා දෙනවා.

“අපි,පොලිස් දෙපාර්තමේන්තුව දැඩි නිලධාරී හිඟයකට මුහුණ දිලා ඉන්නේ ඒපමණක් නොවේ අපට අවශ්‍ය තරම් තාක්ෂණික උපකරණ සහ වහාන නෑ .. ජනාධිපතිවරයා කියන විදියට මෙක හුන්ඩුවක් උනානම් අපිට මේ ආරක්ෂාව සපයන එක අමාරු වැඩක් නොවේ.”

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.