Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

උතුරට ඡායා කැබිනෙට්ටුවක්! උතුරේ අගමැති රාමලිංගම්?

උතුර ඉලක්ක කර ඡායා කැබිනෙට්ටුවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කැබිනෙට්ටුවේ ප්‍රධාණියා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක සහ මාලිමාවේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකු වන ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් කටයුතු කරන බවත් උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. ඒ හේතුවෙන් උතුරේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන වලට සිය සමාජ සහනාධාර ඇතුලු කටයුතු කර ගෙන යැමට බලපෑම්…

Published 27-02-2026 2 min read

උතුර ඉලක්ක කර ඡායා කැබිනෙට්ටුවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම කැබිනෙට්ටුවේ ප්‍රධාණියා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක සහ මාලිමාවේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකු වන  ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් කටයුතු කරන බවත් උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

ඒ හේතුවෙන් උතුරේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන වලට සිය සමාජ සහනාධාර ඇතුලු කටයුතු කර ගෙන යැමට බලපෑම් එල්ල වෙමින් තිබේන බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

ඉතාම විශ්වසනීය මූලාශ්‍රවලට අනුව පසුගියදා උතුරු පළාතේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරයෙකු තම වෘත්තීය සිවිල් සමාජ ජාලය හරහා ප්‍රජා වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටියදි ඔහුට දැනුම් දි ඇත්තේ අදාළ වැඩසටහන  ස්වාධීන වෘත්තීය කටයුත්තක් ලෙස නොව පාලක පක්ෂයේ සංවිධානාත්මක ලේබලය යටතේ එනම් ජාතික ජන බලයට අනුබද්ධ සිවිල් සංසදයක් හරහා වැඩසටහන පැවැත්විය යුතු බවයි.එය ආසන්නතම සිද්ධිය වන අතර ඊට සaජුවම අමාත්‍යවරයා මැදිහත් වි ඇති බවද අනාවරණය වි තිබේ.එහිදි අදාළ වෛද්‍යවරයාට දැනුම් දි ඇත්තේ පාලක පක්ෂයේ බලපෑමෙන් හෝ අධීක්ෂණයෙන් පිටත කිසිදු සැලකිය යුතු සිවිල් කටයුත්තක් සිදු නොවිය යුතු බවයි.

ඒ අනුව මෙය රාජ්‍ය ආයතන කෙරෙහි පමණක් නොව උතුරේ ස්වාධීන සිවිල් අවකාශය කෙරෙහි ද දේශපාලන පාලනය තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස උතුරේ දේශපාලන පක්ෂ මෙම තත්ත්වය විග්‍රහ කර තිබේ.

උතුරු පළාත් සභාව 2013 සිට මැතිවරණ පවත්වා නැති අතර එහි ජනවරම 2018 දී කල් ඉකුත් විය. නව මැතිවරණ දිනයක් නියම කර නොමැත. එවන් තත්ත්වයක් යටතේ ආණ්ඩු බලය බලහත්කාරයෙන් උතුරේ ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය කටයුතු කරන බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

13 වන සංශෝධනය යටතේ, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ පළාත් පාලන ඇතුළු ප්‍රධාන විෂයයන් පළාත් සභාවට අයත් වන ක්‍රියාවලියක් වන නමුත්ඡායා අමාත්‍යවරුන්ලෙස පෙනී සිටින  NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකයින් ව්‍යවස්ථාමය ජනවරමක් නොමැතිව බලය සියතට ගෙන ඇති බවටද චෝදනා එල්ල කර සිටි.මේ අතර ප්‍රජා මට්ටමේ සැලසුම්කරණය තුළින් දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය නම් ප්‍රජා ශක්ති වැඩසටහන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK)  ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති අතර, එය ව්‍යවස්ථානුකූලව බලය පවරන ලද පළාත් පාලන ආයතනවලට සමාන්තරව ක්‍රියාත්මක වන බව ඔහුන්ගේ අදහසයි.පළාත් සභා අක්‍රිය, අලුතින් නිර්මාණය කරන ලද පරිපාලන ව්‍යුහයන් නිසා තේරී පත් වූ ආයතන ශක්තිමත් කිරීමට වඩා විස්ථාපනය වීමේ අවදානමක් ඇති බවයි.

2026 අයවැය රාමුව තුළ, වැඩසටහන යටතේ රුපියල් බිලියන 25 ක් වෙන් කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමේ අරමුදල් රටේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,008 පුරා බෙදා හැරීමට නියමිතය

විශේෂයෙන් 2022 ව්‍යසනකාරී ආර්ථික අර්බුදයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින රටක.නව ව්‍යුහයක් සංවර්ධනය ගමන් කළ යුතු මාර්ගයේ නොව දේශපාලන පාලනයේ මෙවලමක් බවට පත්විය හැකි බව ඔහුන්ගේ මතය වි තිබේ.

යාපනයේ පදිංචි නීතිඥයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන එස්. . ජෝතිලිංගම් තර්ක කර ඇත්තේ වැඩසටහන ප්‍රායෝගිකව උතුරු දිස්ත්‍රික්කවල සමාන්තර පරිපාලන ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ප්‍රාදේශීය සංවිධායකයින් තෝරා ගනු ලබන්නේ ප්‍රජා මැතිවරණයෙන් නොව පාලක පක්ෂ මාර්ග හරහා බවයි

මේ අතර උතුරේ ස්වාධීන සිවිල් සහ වෘත්තීය ආයතන ජනාධිපති අනුර කුමාර දිසානායක සෘජුවම හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ගත් උත්සහයන්  චන්ද්‍රසේකර්ගේ නායකත්වයෙන් යුත් යාපනයේ NPP කණ්ඩායම් විසින් වැලැක්වීමට කටයුතු කල බවද අනාවරණය වි තිබේ.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.