Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Featured Stories

ජනාධිපති සහ කාදිනල් ලංසුවට තබා ගලේ පැහැරූ රොද්‍රිගු සහ සිල්වෙස්ටර්.

අංගුලිමාලයන් 999ක් ප්‍රාණ නිරුද්ධ කොට ඇඟිල්ල බැගින් කපා අමුණා මාල බැඳි අතීතයක නූතන පාදඩයෝ දබරඇඟිල්ල අහසට උස්සා කලිසම පහත් කොට පෙන්වා එකම වැරද සිය දහස් වරක් සිදුකරනුයේ අප ගොළු මඩමේ යැයි හීනමානයෙන් නම් ඔවුහු නොවනුමානව ඇස් මානයේම කෙලවගන්නෝය. හමුදා ප්‍රධානීන් සබැඳිව දූෂණ චෝදනා තොරතුරු ලද අනේකවිද අවස්ථාවන්හිදී “අනේ” “අපොයි” අපේ රටේ හමුදා ලොක්කෝ, “අපේ විරුවෝ”…

Published 01-03-2026 3 min read

අංගුලිමාලයන් 999ක් ප්‍රාණ නිරුද්ධ කොට ඇඟිල්ල බැගින් කපා අමුණා මාල බැඳි අතීතයක නූතන පාදඩයෝ දබරඇඟිල්ල අහසට උස්සා කලිසම පහත් කොට පෙන්වා එකම වැරද සිය දහස් වරක් සිදුකරනුයේ අප ගොළු මඩමේ යැයි හීනමානයෙන් නම් ඔවුහු නොවනුමානව ඇස් මානයේම කෙලවගන්නෝය.

හමුදා ප්‍රධානීන් සබැඳිව දූෂණ චෝදනා තොරතුරු ලද අනේකවිද අවස්ථාවන්හිදී “අනේ” “අපොයි” අපේ රටේ හමුදා ලොක්කෝ, “අපේ විරුවෝ” යැයි සිතා අභිමානය පෙරදැඩිව මුනිවත රැකීම දුර්වලතාවයකැයි සිතා පාළු ගෙදර වලං බිඳින දූෂිත මහ මුදුනෝ සියල්ලෙන් නිදොස් කොට නිදහස් කිරීමට මාධ්‍ය සහ නීතිය සර්ව බලධාරි දෙවියො නොවන කල්හි ගලේ පැහැරූ සිල්වෙස්ටර් තෙමේ සහ ඔහුගේ පාසල් සගයා වන හමුදාපති තෙමේ පිළිබඳ බිඳක් සටහන් තබමු.

රෙද්ද අසූචි ගාගත් රොද්‍රිගු ….

ලියාපදිංචි නොවූ ව්‍යාජ අංකයක් , ව්‍යාජ උපන්දිනයක් සහිත කූඨව සැකසූ උප්පැන්න සහතිකයක් ලබා දෙමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් සිල්වෙස්ටර් පෙරේරා වංචනිකව යුද හමුදාවට බැඳීම පිළිබඳව රවින්ද්‍ර මීගමාරච්චි විසින් සිදුකරන ලද ලිඛිත පැමිණිල්ල ප්‍රකාරව විධායකය යුද්ධ හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලුම් කර ඇති පසුබිමක සහ ව්‍යවස්ථාදායකය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මහ ලේකම් වරයා මගින් ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප්‍රශ්න මාලාවක් යොමු කර ඇති පසුබිමක අපරාධකරු තවදුරටත් ආරක්ෂා කිරීම තුළින් හමුදාපති රොද්‍රිගු, රෙද්ද අසූචි ගාගෙන ඇත.

මීට සතියකට ඉහතදී යුද හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩල සහ අනෙකුත් අභ්‍යන්තර පරිපාලන ලේඛන සහ දත්ත පද්ධතීන් පදනම්ව විශ්‍රාමික මේජර් ජෙනරල් සිල්වෙස්ට පෙරේරා යුද හමුදාවට බැඳීමේදී ලබා දී තිබූ උප්පැන්න සහතිකය ව්‍යාජ උප්පැන්න සහතිකයක් බවට යුද හමුදාපතිවරයා යවත්කාලීන පසුබිමක මේ වනතෙක් අපරාධකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම බරපතළ තත්ත්වයකි.

අපරාධකරු සිල්වෙස්ටර් ඔහුගේ පාසල් මිතුරා වූවද රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද්ධ හමුදාපතිවරයාය. හමුදාපතිවරයා හමුදාවේ පහළ සිට ඉහළටත් ,පොදු මහජනතාවටත්, රටටත් ලෝකයටත් ආදර්ශමත් විය යුතුය. එම ගුණාංගය නොමැති වූ කල්හි හමුදාපති සහ මුරපති අතර වෙනසක් නැත්තෝය. අපරාධකරු විසින් සිදු කරන ලද යුද හමුදා පනතෙහි බරපතලම වැරදි ත්‍රිත්වයෙන් එකක් වන වංචනිකව යුද හමුදාවට බැඳීම සුළු කොට බැහැර කළ නොහැක. මෙය කොටින්ම සිල්වෙස්ටර්ට කටින් සුළුදිය පහ වන බරපතල අපරාධයකි. කූට ලේඛන සැකසීමකි. දණ්ඩ නීති සංග්‍රහය යටතේද බරපතල වරදකි.

උක්ත වරද සඳහා දඬුවම් ලබාදීමට කාලසීමාවක් බල නොපවත්වන ලෙස නෛතික ප්‍රතිපාදන සලසා තිබියදී හමුදාපති මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම අපරාධයකට අනුබල ලබා දෙමින් අපරාධකරුවෙකු ආරක්ෂා කර අපරාධයක් වසන් කිරීමේ බරපතල තත්ත්වයකි. එවන් පසුබිමක සේවා දිගුවක් අපේක්ෂාවෙන් සේවා දිගුවක් මත සිටින යුද්ධ හමුදාපතිවරයාද අපරාධකරුවෙකි.

ජනපති සහ කාදිනල් අපරාධකාරයෝ කරපු මේ යෝදයෝ.

අපරාධකරුවන තම පාසල් සගයා හට නීතිය ක්‍රියාත්මක නොවන තැනට පිටිය සකස් කිරීමට තමන් පෞද්ගලිකවම මැදිහත්ව ජනාධිපතිවරයාට සහ කාදිනල් හිමිපාණන්ට කොලේ වසා ගැසූ බවත්, ඊයේ දින වවුනියාව දිස්ත්‍රික්කයේ උත්සවයකදී කාදිනල් හිමිපාණන් පෞද්ගලිකව මුණ ගැසී වැඩේ ගොඩදාගත් බවටත්, ඒ අනුව සිල්වෙස්ටර්ගේ මයිලකටවත් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තැනට තමන් වැඩ සිද්ධ කළ බවත් උජාරුවෙන් පවසමින් වහසිබස් දොඩන යුද්ධ හමුදාපති රොද්‍රිගු ජනාධිපතිවරයා සහ කාදිනල් හිමිපානන්ද අපරාධයකට අනුබල දෙමින් ,අපරාධකරු ආරක්ෂා කර අපරාධය වසන් කිරීමේ වරදට චූදිතයෝ කළෝය.

විධායකය සහ ආගමික නායකයින් ලංසුවට තබා ඔට්ටු අල්ලන රොද්‍රිගු සිල්වෙස්ටර්ගේ වලට පැන අන් අයෝද වල තුළටම ඇදගන්නෝය. ඇදගෙන නාගන්නෝය.

ජනාධිපතිවරයාගේ සහ කාදිනල් හිමිපාණන්ගේ අවධානයට.

රෙද්දෙ අසූචි ගා ගත් හමුදාපති රොද්‍රිගු සහ ඔහුගේ පාසල් සගයා වන කලිසමේ තෙමාගත් සිල්වෙස්ටර් තෙමේ, ගලේ පැහැරූ කල වසා ගැනීමට නොහැකිව ඔබ දෙපළද මෙම අපරාදයේ පාර්ශව කරුවන් කරමින් තාවකාලිකව ගොඩ යෑමට ගනු ලබන සිඟිති ආතල් මතුවට ගිනිකඳු ලෙස පුපුරා යෑමේ අවදානමක් ඇති පසුබිමක සේනාධි නායකයා වශයෙනුත් ආගමික නායකයකු වශයෙනුත් ඔබ පාර්ශවයන් මෙහි කොටස්කරුවකු නොවී සියල්ලන්ටම ආදර්ශමත් වෙමින් මෙම බරපතළ වරදට යුද හමුදා පනත සහ අපරාධ නීතිය අනුව දඬුවම් ලබාදීම කාලෝචිත මෙන්ම ඥානාන්විතය.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.