Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශය හෝ එහි අනුබද්ධ ආයතනයක් වන සුගතදාස ක්‍රීඩා අධිකාරියේ බලධාරීන්ට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කීර්ති නාමය සහ ජනප්‍රියත්වයට හානිකරන දේ සිඳු කිරීමට අවශ්‍යයද යන්න සැක සිතෙන ආකාරයට සිඳුවීම් පෙළ ගැසෙමින් ඇත.එහි එක් පියවරක් ලෙස සුගත්ගේ සමයේ ම ජාතික සංචිතයේ සිටි ජාතික බාධක දිවීමේ සූරතාවය දිනා සිටි වර්ථමානයේ දක්ෂ පුහුණුකරුවෙකු වන ප්‍රියන්ත තන්තිරිගේට…

Published 08-01-2026 6 min read
ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශය හෝ එහි අනුබද්ධ ආයතනයක් වන සුගතදාස ක්‍රීඩා අධිකාරියේ බලධාරීන්ට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කීර්ති නාමය සහ ජනප්‍රියත්වයට හානිකරන දේ සිඳු කිරීමට අවශ්‍යයද යන්න සැක සිතෙන ආකාරයට සිඳුවීම් පෙළ ගැසෙමින් ඇත.එහි එක් පියවරක් ලෙස සුගත්ගේ සමයේ ම ජාතික සංචිතයේ සිටි ජාතික බාධක දිවීමේ සූරතාවය දිනා සිටි වර්ථමානයේ දක්ෂ පුහුණුකරුවෙකු වන ප්‍රියන්ත තන්තිරිගේට විරුද්ධව පොලීසියට පැමිණිලි කිරීම දැක්විය හැකිය.

 

තන්තිරිගේ මාලිමා රජය බලයට ගෙන ඒම සඳහා සුගත්ගේ මැතිවරණ ව්‍යාපාරයට සමීපව සම්බන්ධව සිටි අයෙකි.ඔහු චෝදනා කළේ සහ ප්‍රදර්ශනය වූ රූප රාමුවලින් ද පැහැදිළි කරමින් කරන ලද බරපතලම චෝදනාව ඇමතිවරයාට ගෙදර යන්න කීම නොවේය.ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විය හැකි හානියය.ආබාධවලට ලක්වීමට ඉඩ ඇති ඉඩය.ක්‍රීඩා අමාත්‍යවරයා තමාට එල්ල කළ චෝදනාවෙන් හදවත රිඳවාගන්නට තරම් සංවේදී වුව ද,ඔහුට පැවරී ඇති විෂයට අනුව සිතන්නේනම් තන්තිරිගේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව ඒවා දැනෙන්න ඕනි බුද්ධියටය.සිතටය.වෙන්නට යන ආකාරයේ අනතුරක් ඇත්තටම එහි වේද යන්න පිළිබඳව සොයා බලා ආබාධවලින් තොර ක්‍රීඩාවෙන් නිරෝගි මිනිසුන් ලස්සන රටත් ගැන සිතා වැඩ කටයුතු කළ යුුතුය.

කෙසේ හෝ තන්තිරිගේට විරුද්ධව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උස පැනීම වැනි ඉසව් පුහුණු කරන අය රැඟෙන ඔවුන් හරහා මාධ්‍යෙය් ප්‍රචාරය පිණිස එම මෙට්ට හොඳ බව කියා ගැනීමේ වැඩ සටහනක් සකස් කරන්නට උත්සාහ ගනිමින් සිටියි.ඇමතිගෙන් මොනවා හෝ දෙයක් ලැබෙනු ඇතැයි සිතා සමහරුන් තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන්ට ප්‍රමිතියෙන් තොර මෙට්ටයක් නිසා ජීවිත කාලයටම බලපාන ආබාධයක් ඇතිවීමේ ඉඩ නොසළකා මේවා මරු මෙට්ටයැයි කියන්නට ද හැකිය.රටේ ඇත්තේ එවැනි ස්වභාවයක්ය.මේ වන විට එවැනි අදහසකින් පුහුණුකාරියක හරහා ලබා ගත් අදහසක්,සුගත් තිලකරත්නගේම පෞද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු ද බෙදා හරින්නට කටයුතු කර ඇත්තේ සුගත්ට පල නොකියා පලා බෙදන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන නිසා වෙන තනතුරකට හේත්තුවීමේ අවස්ථාවක් අපේක්ෂාවන් විය හැකිය.එය ද මිනිස්සුන්ගේ සහ දේශපාලනයේ හැටිය.

එසේම සුගතදාස ක්‍රීඩාංගණයේ විශාලම ගැටළුව හදන්නේ මලල ක්‍රීඩාවටය.එයින් ද ධාවන පථයටය.සුගත් තිලතරත්න නියෝජ්‍ය ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධූරය දරණ ආණ්ඩුවක්,රටට මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒමට හැකි බවට සාක්ෂියක් වන සුගත් තියාගෙන මෙසේ හැසිරීමෙන් ආණ්ඩුවට වඩා විවේචනයට,විරෝධයට ලක්වන චරිතය බවට සුගත් පත් වන්නේය.මේවා සැළසුමකට වෙන්නේද සිතෙන්නේ ඒ අතීත සබදතාද සැළකිල්ලට ගත් විටය.

සුගතදාස පිටියෙ තියෙන මීට් නවත්තලා

මේ වසරේ සිය ක්‍රීඩා උළෙලවල් තැබීමට බලාපොරොත්තුවෙන් සිටි පාසල් බොහෝමයකට දුරකතන මාර්ගයෙන් මේ බව දැණුම් දුන් විට ඇතිවන තත්ත්වය කවරේද?මේ පාසල් බොහෝමයක මෙන්ම ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා උළෙලේ ද කෘතිම ධාවන පථයක ධාවන අවශ්‍යයතා සහිත ජාතික තලයේ බොහෝ අය සිටිති.නොසළකා හැර ඇත්තේ එම දත්තය.

සුගතදාසයේ රජයට සම්බන්ධව පවතින වෘත්තීය සමිති නිලධාරියෙකු පෙන්වා දුන්නේ මේ මොහොතේ මෙම ක්‍රීඩා උළෙලවල් අවලංගු කිරීම හරහා අහිමි වන්නේ විශාල මුදලක් බවයි.

“මේකෙ ඉන්නවා මේ ට්‍රැක් එක අලවලා පාවිච්චියට යොදාගන්න පුළුවන් මට්ටමට අලුත්වැඩියා කරලා දෙන්න දැණුම තියෙන අය.ඒක කරන්නෙ නැතුව මේ මීට් ටික කැන්සල් කරන්නෙ ඇයි කියන එක මම දන්නෙ නැහැ.ඕක අලවන්න යන වියදම මීට් දෙක තුනකින් පියවගන්න පුළුවන්.නැත්නම් කිසිම ආදායමක් නැති ආණ්ඩුවට බරක වෙන,සේවකයන්ට අමතර ආදායමක් උපයා ගන්න බැරි තැනට සුගතදාසය පත් වෙනවා.“

එම වෘත්තිය සමිති නිලධාරියා පැවසීය.

ආසන්නම හේතුව හැටියට ධාවන පථය වැඩක් කර ගැනීමට නොහැකි තරමට විනාශ වී ඇති බවට අමාත්‍යංශයේ මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කරන්නේ මෙහි ක්‍රීඩාව වෙනුවට සංගීත සංදර්ශනයක් පැවත්වීමට ගත් තීරණය ආරක්ෂා කිරීමටය.එහෙත් එම සංගීත සංදර්ශනය පැවත්වුණේ නැත.සංවිධායකයා කවුද?සුගතදාස අධිකාරියට ගෙවිය යුතු සහ ගෙවන ලද මුදල කවරේද? කිසිඳු ගෙවීමක් නොකර ක්‍රීඩා පිටිය තුළ සංදර්ශනය වෙනුවෙන් තාවකාලික ඉදිකිරීම්වලට අවසර දුන්නේ ද වැනි කාරණා සාකච්ඡාවට ගත යුතු වුව ද,දැන් කතා කරන්නේ අර ලිපියේ ලියූ කරුණ රැක ගැනීම පිණිස ධාවනය කරන්න බැහැ කියන කාරණයමය.එයින් ආණ්ඩුවට කෙතරම් පාඬු වුව ද ඔවුන්ට අවශ්‍යය අර නිකුත් කළ ලිපියේ තිබෙන මට්ටමෙන් ධාවන කටයුුතු නොකළ හැකි ලෙස ක්‍රීඩා පිටිය විනාශ වී ඇති බව තහවුරු කරන්නටය.ඒ නිසා ආයතනයට විශාල පාඩුවක් කර ගනිමින් ධාවන පථය අළුත් වැඩියා කටයුතු කරන කාරණය ඉටු කරන්නට ඔවුන් අකමැතිය.

සංදර්ශන භාණ්ඩ සමග ඒ වන විටත් පිටියේ ක්‍රීඩා පුහුණුවල නිරත වෙමින් සිට අය අප ඡායාරූපවල ද ඇත.දැන් මලල ක්‍රීඩා වෙනුවට පාපන්දු තරග පැවත්වෙන බව කියන්නට උත්සාහ කරන්නේ ධාවනය විතරක් කළ නොහැකිය යන තර්කය මතු කර සිය ලිපිය නිවැරදි බව කියන්නට කාරණා මතු කරන්නටය.මේවා අපේ ලිවීම් ගැන මරු යැයි කී ආණ්ඩුවේම හිතවතුන් ද නොසළකා හැර නිහඩව සිටින බවක් පෙනෙයි.හේතුව ආණ්ඩුව කරන ඕනෑම දෙයක් ආරක්ෂා කිරීම සඳහා තමන්ට මෙම වගකීම් පැවරී ඇති බව සිතීම විය යුතුය.අඩුම තරමේ මේවා ගැන විමසා බැලීමක්වත් ඔවුන් නොකර නොදුටු නියා කරබාගන්නේ ආණ්ඩුවේ නියෝජිතයෙක් හැටියට ලැබෙන නිල බලය ගැන ඇති ආශාවෙන් විය හැකිය.ඒත් ඔවුන් ආණ්ඩුව කරන වැරදි ආරක්ෂා කිරීමෙන් එහි ආයු කාලය කෙටි වන බවත් එම දිගු ආයුෂ අඩුවීම තමන්ගේ ආශාවන්ටද අදාළ බවත් නොසිතන්නේය.

‘දැන් පාපන්දු සඳහා පමණක්‘ තියා පෙන්වන කොටස එසේනම් සංදර්ශන සඳහා ලබා දුන්නේ ඇයි ද යන්න ද ගැටළුවකි.එයින් සිඳුවන හානි නිසා ද පාපන්දු පාවහන් කඩතොළු වූ තැනක සිරවීමෙන් පෙරැලීමෙන් ඇති විය හැකි ආබාධ ද,සමහර විට ක්‍රීඩකයාගේ සමස්ත පාපන්දු ජීවිතයටම බලපෑමක් ඇති කරන එකක් වන්නට ඉඩ ඇත.
වැදගත්ම දේ මෙහිදී ද විශාල විරෝධයක් එල්ල වන්නේ සුගත් තිලකරත්නටය.

‘සුගත් දන්නවනේ මේක අලවලා දුවන්න පුළුවන් කියලා.ඇයි කට වහගෙන ඉන්නෙ?

ඒ අපෙන් අසන පැනයට සුගත්ම පිළිතුරු දිය යුතුය.සුගත් පිළිතුරු නැති තැනකට තල්ලු කර අප්‍රසාදය ඇති කිරීම අරමුණ කර ගත් ක්‍රියාවලියක්නම් මේ දියත් වන්නේ දැනටමත් එය අති සාර්ථක වී ඇත.

එක්තරා කාලයක සුගත් තිලකරත්න ජාත්‍යන්තර මට්ටමේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නොසළකා හැරීම්වලට තදින් භාජනය වූ අයෙකු විය.ඔහුගේ පුහුණුකරු ද එබඳුය.මේ ‘මෑතකදී මම කියන්නෙම නැහැ‘ කියා රූපවාහිනි සංවාදයක හැසිරීම නිසා විහිළුවක් බවට පත් වූ එස්බී දිසානායක එවකට ඇමතිය.අපි ඇමතිට මාධ්‍ය මඟින් කරුණු පෙන්වා දුන්නෙමු.ඔහු සුගත් සහ ඔහුගේ පුහුණුකරු වෙනුවෙන් සැළකිය යුතු අනුග්‍රහයන් දැක්වීය.

එහෙත් වත්මන් අමාත්‍යවරයා මාධ්‍ය පෙන්වා දෙන දේ කරන විවේචන අදාළ කර ගන්නේ නැත.ඔහු සිටින්නේ ඔහු 100% සාර්ථක සහ නිවැරදි තීරණ ගන්නා බව තදින් විශ්වාස කරමින්ය.ඒ නිසා ඔහු පෙන්වා දෙන කරුණු ගැන සාකච්ඡාවකට හෝ සූඳානම් නැත.

ඔහු සිටින්නේ මාධ්‍ය පෙන්නා දුන්නාට ‘මම කරන්නෙම නැහැ‘ කියන න්‍යායේය.එ න්‍යාය යටතේ සුගතදාස ධාවන පථය මලල ක්‍රීඩාවට වසා දැමීමෙන් ක්‍රීඩාව තුළ තමන්ට වඩා රටේ ජනප්‍රිය සුගත් තිලකරත්න අපකීර්තියට සහ අප්‍රසාදයට පත්වීමට ඇති ඉඩ ගැන ද ඔහු සමහර විට සිතනවා ඇත.

‘කළොත් දෙයක් ඇමති තමයි,සුගත්නම් මෙලෝ රහක් නැහැ‘ කියන මට්ටමට මේ වන විටත් සුගත් සමඟ සිටි සමකාලීනයන්ම ඇතැම් තැන්වල කියන මට්ටමට සුගත්ගේ නිහඩ බව හෝ සුගත් නිහඬ කිරීම වැඩ කර ඇත.ධාවන පථය වැසීම කියූ දේ නොවැසීමේ අභිප්‍රාය තරමට සුගත්ගේ කීර්තිය වසා දැමීමේ අභිප්‍රායක්ද විය හැකි බව අපට හැඟේ.

එහෙත් සුගත් තවමත් නිහඬය.තමන්ට දහස් ගණන් එක් වී ‘ගෝ සුගත් ගෝ‘ කියූ සුගතදාස ධාවන පථය නිසොල්මන් කර තමන්ගෙන් මතු පැවත එන අනාගත මලල ක්‍රීඩා පරපුරට කරන හානිය ගැන සුගත් කතා කරන්නේ නැත.එසේම මෙට්ට ගැන සහ එහි ප්‍රමිතිය ගැන ද අදහසක් නැත.ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට විරුද්ධව නැඟෙන හඩට සුගත්ගේ සමීපතම නිලධාරියෙකු සිය සමාජ මාධ්‍ය හරහා දෙන ඉඩ, සුගත් ද එය අනුමත කිරීමක් ලෙස මේ වන විටත් සාකච්ඡාවට බඳුන් වී ඇත.

දැන හෝ නොදැන මේ සියළු වැරදිවලින් මැකී යන්නේ, සැඟවී යන්නේ පය ගෙවෙන තුරු රටට දිවූ,ජයග්‍රහණ සහ කීර්තිය උපයා දුන් සුගත් තිලකරත්නගේ අභිමානය ය.සුගත්ලා මිනිසුන් තේරුම් ගන්නේ දුවනවාට වඩා බොහෝ සෙමින් බවනම් පැහැදිළිය.

නිශ්මං රණසිංහ – Lanka News Web

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.