Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ලෝකය පිළිගත් ආර්ථික ක්‍රමවේදය බිඳ වැටෙනවා – පාඨලී

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටෙමින් පවතින බවත් ඇමරිකාව පවා තීරු බදු යුද්ධයකට යමින් ආරක්ෂණවාදයට නැඹුරු වී ඇති අතර චීනය තීරු බදු යුද්ධයට පෙර තියා සූදානමින් සිටි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.   චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය කොළඹදී පැවැත්වූ ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබද සංවාදයේදී හිටපු අමාත්‍ය…

Published 08-01-2026 1 min read

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටෙමින් පවතින බවත් ඇමරිකාව පවා තීරු බදු යුද්ධයකට යමින් ආරක්ෂණවාදයට නැඹුරු වී ඇති අතර චීනය තීරු බදු යුද්ධයට පෙර තියා සූදානමින් සිටි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය කොළඹදී පැවැත්වූ ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබද සංවාදයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.

චීනය නව නිපැයුම් තුළින් වඩාත් ඉදිරියට පැමිණීමක් දැකිය හැකිය යැයි ද හිටපු අමාත්‍ය රණවක මහතා කීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසුවේ අලුත් වන ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනය විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවත් නව නිපැයුම් සහ නවීකරණ ඔස්සේ ඉදිරියට යමින් පවතින චීනයෙන් රටක් විදිහට ගත හැකි පාඩම් රැසක් ඇති බවත් ඔහු සදහන් කළේය.

සංවාදයට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ගෝලීය ගැටළු වලට මුහුණ දීමට අභ්‍යන්තර හා විදේශ ප්‍රතිපත්තිවලට පරිවර්තනයක් අවශ්‍යව බවත් ලෝක මට්ටමේ සිදුවෙමින් පවතින වෙනස්කම් හදුනා ගෙන ක්‍රියා කළ යුතු බවත් කීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිශාන්ති දිල්රුක්ෂි විමලසිරි මහත්මිය පැවසුවේ ගෝලීයකරණය සඳහා දායක වන රටවල් ගෝලීයකරණයෙන් ලෝකය පිටතට ගෙන ඒමට දැන් සිතමින් සිටින බවත් විවිධ ගැටලු හේතුවෙන් ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළ ද සිතුවාට, ගෝලීය දකුණේ නැගිටීමත් සමග මේ වනවිට එය වෙනස් වෙමින් ඇති බවත් සදහන් කළාය.

 

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.