Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

කතෝලික ප්‍රජාව යලි රැවටීමටද ?

පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CID මේ වන විට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.03.26)…

Published 26-03-2026 3 min read

 පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ  රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CID මේ වන විට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.03.26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහිදි හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා,

නිකරුණේ අත් අඩංගුවට ගත්, නිරෝගි පුද්ගලයෙක්ව සිටි සුරේෂ් සලේ ජෙනරාල්වරයා අද තදබල ලෙස රෝගාතුර වී රෝහල්ගතකර තිබෙනවා”

ජනාධිපතිතුමා ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරුන්ට වෙන්වෙච්ච ඇඳ ජනතාවට දෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් අපි යෝජනා කරනවා සුරේෂ් සලේට ඒ ඇඳ ලබාදීලා ප්‍රතිකාර කර ඔහුව සුවපත් කරන්න කියලා. ඒ මන්ද අසාධාරණ ලෙස අත්තඩංගුවට ගත් සුරේෂ් සලේව ඒ අත්තඩංගුවට ගැනීම තුළින් රැස්කරගත් පවුකන්දරාව යම්තාක් දුරට හෝ සමනය කරගන්න පුළුවන් වෙයි එසේ කළොත්.

මේ ත්‍රස්තවාදය ජයගන්න ඉතා තදබල අමිල සේවයක් කළ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්තඩංගුවට අරගෙන මෙසේ සිරගත කිරීම ඉතාම කුහක, ගුණමකු,දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස අපි සලකන්නේ. ජනාධිපති කොමිසම, වෙනත් කොමිසම් හයක් හතක් තිබුණාඒ සෑම එකෙන්ම කිසිදු දවසක සුරේෂ් සලේගේ නම සඳහන්ව තිබුණේ නැහැ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ විමර්ශ ආයතන වන FBI එක, විදේශීය ආයතන රැසක විමර්ශන වල කිසිදුතැනක සුරේෂ් සලේගේ නම සදහන් වී තිබුණේ නැහැ. ඒ වගේම FBI විමර්ශනය කළේ රාජ් පටෙල් නැමති පුද්ගලයා. ඒ රාජ් පටෙල්ට ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ ඇමරිකාවේ ඒ විමර්ශනය පිළිබඳව ඒ  වසරේ තිබුණ හොඳම සම්මානය ලැබුණා. ඒ හොඳම සම්මානය හිමිවුණු FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සාක්ෂි අද කොසේද CID එකේ සුරේෂ් සලේට විරුද්ධව තිබෙන්නේ.

මේ සුරේෂ් සලේ කියන  දෑහිතකාමි රණවිරුවා අත් අඩංගුවට ගත්තේ පළවෙනි කාරණය තමයි අප්‍රේල් 21 වන විට අවුරුදු 07 ක් සම්පූර්ණ වෙනවා, ඒ නිසා තාමත් වින්දිත කාතෝලික ප්‍රජාව රවට්ටන්නට කරපු දෙයක් . ඒ වගේම ත්‍රස්තවාදය නිමකරන්න දායක වු සුරේෂ් සලේ  පිළිබඳව ඉතාම දැඩි වෛරයකින් සිටින බෙදුම්වාදි කොටි හිතවාදීන්ව තෘප්තිමත් කිරීම සඳහා තමයි මේ දේ සිදුකළේ. ජනාධිපතිතුමාත් අද රණවිරුවාට සෙබළා ලෙස ආමන්ත්‍රණය කරනවා, නිදහස් දිනයේදී ත්‍රස්තවාදය පරාජය කරන්න අපි භාවිතා කළ යුධ උපකරණ ප්‍රදර්ශනය කළේ නැහැ. මේ සියල්ලක්ම සිදුකළේ දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාව සතුටු කිරීමටයි.

මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණා. අවුරුදු එකහාමාරකට පෙරත් ප්‍රකාශ කර සිටියා සහරාන්ව අත් අඩංගුවට ගන්න කියලා. ඒදා උදෙත් ප්‍රකාශ කළසිටියා. එසේ තියදී එම පුද්ගලයාව අත් අඩංගුවට ගත්තේ නැති CID එක අද සුරේෂ් සලේව අත් අඩංගුවට ගන්නවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. එසේම තුන්වෙනි විත්තිකරු ලෙස හදුන්වාදී තිබෙනවා. සුරේෂ් සලේ එයට සම්බන්ධ නම් එතුමා වැඩකළ තිබෙන්න අවශ්‍යයි CID එකත් සමඟ. මන්ද CID එක තමයි මෙයට කිසිම ක්‍රියාවලියක් ගන්නේ  නැතිව මේ පාස්කු ප්‍රහාරය වෙන්නට ඉඩ තිබ්බේ. ඒ නිසා තමයි ජනාධිපති කොමිසම එදා හිටපු CID ලොක්කන්ට නඩුදාලා අවශ්‍ය දඩුවම් ලබාදෙන්න කියලා නිර්දේශ කළ තිබෙන්නේ.

කුමණ හෝ හේතුවක් නිසා සුරේෂ් සලේව සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගත්තනම්, ඔහු වැදගත් පුද්ගලයෙක් නිසා ඔහු රටට, ජාතියට ඉමහත් අමිල සේවාවක් කරපු නිසා ඔහුට ඉතා හොඳින් සලකන්න තිබුණා. නමුත් ඔහු කියන පරිදි ඔහුව සිරගත කර තිබෙන්නේ ගඳ ගසන වැසිකිළියක් ලඟ, මියෝ සහ කැරපොත්තෝ ගුහාවක් තුළයි. එතුමාට මේ ආකාරයට ඉතා ඉක්මණින් අසනීප වෙන්නත් එය හේතුවක් වෙන්න ඇති. මෙය පළිගැනීමක් ලෙස සලකන්නේ. මේ අකාරයට පළිගන්න එක කවුරුන්ද සතුටුවෙන්නේ කියලා අපි නැවතත් කියන්න අවශ්‍ය නැහැ. මේ රෝගාතුර වූ  එක පිළිබඳ සම්පූර්ණයෙන්ම වගකීම ගතයුත්තේ මේ රජයයි. ඒ වගේම අපේ රටේ සිටින සියලූම රණවිරුවන්, සියලූම දේශ හිතයිෂී පුද්ගලයින් මේ සඳහා නැගි සිටියයුතුයි.

ඒ වගේම ජාතික ආරක්ෂාවට බුද්ධි අංශය ඉතාම වැදගත්. බුද්ධි අංශය තමයි ජාතික ආරක්ෂාවේ කොදුනාරටිය. මේ වගේ රාජ්‍ය සේවයේ ඉතාම විශිෂ්ඨ සේවයක් කළ සුරේෂ් සලේ වැන්නන් මේ ආකාරයට අසාධාරණ ලෙස අත්තඩංගුවට ගැනීම දැනට සිටින බුද්ධි නිලධාරීන්ගේ චිත්ත ධෛර්ය, උනන්දුව කෙසේ වෙයිද කියලා අපි දන්නවා. එය ජාතික ආරක්ෂාවට ඉතා විශාල තර්ජනයක්.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය

-end-

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.