Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ශ්‍රී ලංකා හමුදාවට සහ එහි බුද්ධි බලකායට දැඩි කරදරකාරී දිනයක් – අලි සබ්‍රි

එල්ටීටීඊ බුද්ධි ජාලය විසුරුවා හැරීම, තමිල්චෙල්වන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර ගැනීමට හේතු වූ බුද්ධි මෙහෙයුම් සහ කේපී අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ උත්සාහයන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වූ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, අපගේ ජාතික කතිකාව ගමන් කරන දිශාව පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරයි. මොවුන් වරක් ජාතිය එහි භයානකම වසරවලදී ආරක්ෂා කිරීම සඳහා…

Published 25-02-2026 2 min read

එල්ටීටීඊ බුද්ධි ජාලය විසුරුවා හැරීම, තමිල්චෙල්වන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර ගැනීමට හේතු වූ බුද්ධි මෙහෙයුම් සහ කේපී අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ උත්සාහයන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වූ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, අපගේ ජාතික කතිකාව ගමන් කරන දිශාව පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරයි.

මොවුන් වරක් ජාතිය එහි භයානකම වසරවලදී ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත කැප කළ නිලධාරීන් ය. අද බොහෝ දෙනෙකුට හැඟෙන්නේ එම පුද්ගලයින්ම සාක්ෂි මගින් අඩුවෙන් සහ තරඟකාරී ආඛ්‍යාන මගින් හැඩගස්වා ඇති දේශපාලන යුධ පිටියකට ඇද දමන බවයි. නීතිය යටතේ වගවීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක අත්‍යවශ්‍ය වේ, නමුත් එය සාධාරණත්වය, සංයමය සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් අනුගමනය කළ යුතුය.

පාස්කු ඉරිදා ඛේදවාචකයට වින්දිතයින්ට යුක්තිය සහ ජාතික ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කළ වෘත්තීය, සාක්ෂි මත පදනම් වූ පරීක්ෂණයක් ලැබිය යුතුය.

ඒ වෙනුවට, අප වැඩි වැඩියෙන් දකින්නේ සංකීර්ණ පරීක්ෂණයක් මහජන දර්ශනයක් බවට පරිවර්තනය කිරීමයි. එෆ්බීඅයි සහ එක්සත් ජනපද බලධාරීන්ගේ පුළුල් මැදිහත්වීම ඇතුළුව ජාත්‍යන්තර සහයෝගීතාවය, පරීක්ෂණ, නඩු පැවරීම් සහ සහාය ලබා දීමෙන් දැනටමත් සිදුවී ඇත.

බාහිර හවුල්කරුවන් පවා තවදුරටත් පරීක්ෂණ මගින් අර්ථවත් නව ප්‍රතිඵල නොලැබෙන බව පෙන්වා දෙන විට, පක්ෂග්‍රාහී වාසි සඳහා මෙම ගැටලුව අවියක් ලෙස භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වයට සහ දිගුකාලීන ආරක්ෂක අවශ්‍යතාවලට හානි කිරීමේ අවදානමක් පවතී.

දේශපාලන තරඟවලදී ජාතික ආරක්ෂක ආයතනවලට සම පාර්ශවීය හානියක් විය නොහැක. වරක් රට ආරක්ෂා කළ නිලධාරීන්ට හානි කිරීම තාවකාලික දේශපාලන වාසියක් ලබා දිය හැකි නමුත්, එය සන්නද්ධ හමුදාවන් තුළ චිත්ත ධෛර්යය දුර්වල කරන අතර ජාතිය ආරක්ෂා කිරීමේ කාර්යයේ යෙදී සිටින අයට කරදරකාරී සංඥාවක් යවයි.

අප සත්‍යය සහ යුක්තිය අනුගමනය කළ යුතුය, නමුත් එය නීතිය, සාක්ෂි සහ වගකිවයුතු නායකත්වය හරහා පමනක් සිදු විය යුත්තක් මිස නොමඟ යැවීමට හෝ බෙදීමට නිර්මාණය කර ඇති නාට්‍යමය ක්‍රම හරහා නොවේ. දුෂ්කර කාලවලදී සේවය කළ අය පමණක් නොව, එකමුතුකම සහ පරිණතභාවය ඉල්ලා සිටින කරුණු දේශපාලනීකරණය කිරීමට තෝරා ගත් අයද ඉතිහාසය විනිශ්චය කරනු ඇත.

හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමාජ මාධ්‍යය තුල තැබූ සටහනක්. සිංහල පරිවර්තනය නදීෂ් ද සිල්වා

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.