Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ගල් අඟුරු අලාභය කෝටි 700 පන්නයි

දුෂිත ක්‍රමයට මිලදීගත් , බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් දැනට මිලියන 7671ක මූල්‍ය අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇතයි වාර්තා වේ. යටිතල පහසුකම් සහ ක්‍රමෝපායික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව( Sectoral Oversight Committee on Infrastructure and Strategic Development) වෙත ලංකා විදුලිබල මණ්ඩලය(CEB) විසින් 2026 පෙබරවාරි 19 වන දින ඉදිරිපත් කරන ලද අංක LVPP/PPM/Admin-8/26-09 දරන නිල…

Published 21-02-2026 2 min read

දුෂිත ක්‍රමයට මිලදීගත් , බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් දැනට මිලියන 7671ක මූල්‍ය අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇතයි වාර්තා වේ.

යටිතල පහසුකම් සහ ක්‍රමෝපායික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව( Sectoral Oversight Committee on Infrastructure and Strategic Development) වෙත ලංකා විදුලිබල මණ්ඩලය(CEB) විසින් 2026 පෙබරවාරි 19 වන දින ඉදිරිපත් කරන ලද අංක LVPP/PPM/Admin-8/26-09 දරන නිල ලිපිය මගින් බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවූ දැවැන්ත මූල්‍ය අලාභය අනාවරණය කර ඇත.

ලක්විජය බලාගාරය සඳහා ලබාගත් ගල්අඟුරු නැව්වාර 8ක් ආශ්‍රිතව සිදුවූ සෘජු මූල්‍ය අලාභය පිළිබඳ විස්තරය පහත පරිදි වේ:

නැව්වාර අනුව සිදුවූ අලාභය පිළිබඳ සාරාංශය (රුපියල් මිලියනවලින්):

නැව්වාර අංකය | ඇස්තමේන්තුගත සෘජු අලාභය (රුපියල් මිලියන) |

| 01 වැනි නැව්වාරය | 595.1 |

| 02 වැනි නැව්වාරය | 288.5 |

| 03 වැනි නැව්වාරය | 1,047.4 |

| 04 වැනි නැව්වාරය | 865.0 |

| 05 වැනි නැව්වාරය | 1,144.2 |

| 06 වැනි නැව්වාරය | 1,197.7 |

| 07 වැනි නැව්වාරය | 974.9 |

| 08 වැනි නැව්වාරය | 1,559.3 |

| මුළු එකතුව | 7,672.1 (රුපියල් කෝටි 767.2 ක් පමණ)

වාර්තාවේ අන්තර්ගත විශේෂ නිරීක්ෂණ:

i. ගණනය කිරීමේ පදනම: මෙම අලාභය ගණනය කර ඇත්තේ අදාළ ගල්අඟුරු තොගවල පවතින බාල ගුණාත්මකභාවය හේතුවෙන් ජනන ධාරිතාව අඩුවීම පදනම් කරගනිමිනි. එහිදී විදුලි ඒකකයක් සඳහා රුපියල් 57.53 ක පිරිවැයක් සලකා බලා ඇත.

ii. ගුණාත්මක පරීක්ෂණ: 1 සිට 6 දක්වා නැව්වාරවල රසායනාගාර වාර්තා 2025 පෙබරවාරි 11 දින වන විටත්, අනෙකුත් වාර්තා මේ වන විටත් අදාළ අංශ වෙත යොමු කර ඇති බව සඳහන් වේ.

iii.දඩ මුදල්: සැපයුම්කරුගෙන් අය කරගත යුතු දඩ මුදල් මෙම ගණනය කිරීමට ඇතුළත් කර නොමැති අතර, එම දඩ මුදල් අය කරගැනීමෙන් පසු ශුද්ධ අලාභය වෙනස් විය හැක.

මෙම වාර්තාව මගින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේදී සිදුවී ඇති බරපතල මූල්‍ය හානියක් පිළිබඳව කරුණු අනාවරණය කර ඇත.

දිනය: 2026 පෙබරවාරි 19

මූලාශ්‍රය: ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කාර්යාලය

පසු සටහන්මුල් නැව්වාර 4 සම්බන්ධයෙන් කරුණු වාර්තා කර 2026 පෙබරවාරි 11 දින, ලක්විජය බලාගාරයේ බාල ගණයේ (Low-grade) ගල්අඟුරු භාවිතය නිසා සිදු වූ දැවැන්ත මූල්‍ය සහ මෙහෙයුම් අලාභය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් ද මින් පෙර ප්‍රසිද්ධ කරන ලදී

මුළු මූල්‍ය අලාභය සහ අයකර ගත හැකි දඩ මුදල්

බාල ගල්අඟුරු නැව්ගත කිරීම් 4ක් (Shipments 1-4) හේතුවෙන් සිදු වූ පාඩුව සැපයුම්කරුගෙන් අයකර ගත හැකි දඩ මුදලට වඩා බෙහෙවින් වැඩි ය.

මුදල (රුපියල් මිලියන වලින් දක්වා ඇත)

i. සෘජු විදුලි ජනන අලාභය 2,796.0

ii. ඇස්තමේන්තුගත නඩත්තු/අලුත්වැඩියා පිරිවැය 230.74

iii. මුළු ඇස්තමේන්තුගත අලාභය 3,026.74

iv. සැපයුම්කරුගෙන් අයකර ගත හැකි මුළු දඩ මුදල 1,037.0

විශේෂකරුණු : මුළු අලාභය (රු. මිලියන 3,026.74), අයකර ගත හැකි දඩ මුදලට වඩා රුපියල් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇත. මෙයින් පෙනී යන්නේ දඩ මුදල් මගින් පමණක් සිදු වූ පාඩුව පියවා ගත නොහැකි බවයි.

ඒ අනුව මේ වාර්තා වන්නෙ බාල ගල් අඟුරු නිසා ජනිත වූ විදුලි ධාරිතාවේ අඩුව නිසා සිදු වූ අලාභය පමණි. ඒ හිඟ විදුලි ධාරිතාව වෙනත් ප්‍රභව වලින්; එනම් ඩීසල් වැනි මූලාශ්‍ර වලින් ලබා ගැනීමේදි යන වියදම මෙම අලාභය සඳහා තක්සේරු කර නැත.

මේ අතර ප්‍රශ්නගත සමාගමෙන් ගොඩ බාන 9 වන නැව ඊයේ ( 20 )ගොඩ බෑම ආරම්භ වූ අතර තවත් නැව් 15කට ආසන්න ප්‍රමාණයක් පැමිණීමට ද නියමිතව ඇත.

Screenshot
Screenshot
Screenshot

 

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.