Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

එයාර් බස් ගනුදෙනුවට නාමල් සම්බන්ධ බව කියන්න රංග දිසානායක කපිල චන්ද්‍රසේනට කියයි

  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්ව කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක පෞද්ගලිකවම බලපෑම් කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි. මෙහිදී රංග දිසානායක කපිල චන්ද්‍රසේනව පෞද්ගලිකව හමුවී ඇත්තේ මෙම එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ සම්බන්ධ…

Published 13-03-2026 2 min read

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්ව කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක පෞද්ගලිකවම බලපෑම් කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

මෙහිදී රංග දිසානායක කපිල චන්ද්‍රසේනව පෞද්ගලිකව හමුවී ඇත්තේ මෙම එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් කපිල චන්ද්‍රසේන මාර්තු 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) පස්වරුවේ නියෝග කළේය.මෙහිදී කපිල චන්ද්‍රසේන විසින් අද දින මෝසමක් මගින් තමන්ට එල්ලවූ බලපෑම් ගැන අධිකරණය හමුවේ පැවසීමට අවසර ඉල්ලා ඇත. එය පහත පරිදි වේ.

වර්ෂ 2026 ක් වු මාර්තු මස 13 වන දින දීය

ගරු ප්‍රධාන මහේස්ත්‍රාත්තුමන් වෙත ගෞරවයෙනි.

ඉහත අංක දරන නඩුවේ 1 වන සැකකරු විසින් 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත සිය නීතිඥවරයා සමග ගිය බැවින්ද,

ඉන් අනතුරුව එකී 1 වන සැකකරුගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අතරතුර සිය නීතිඥවරයා දිවා ආහාරය සඳහා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවෙන් පිටවී ගොස් සිටි අවස්ථාවේ සැකකරු වෙනත් කාමරයක් තුළ සිටි අල්ලස් හා දූෂණ විමරශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මැතිතුමා හමුවට රැගෙන ගොස් ඇති බැවින්ද,

ඒ අවස්ථාවේදී අල්ලස් හා දූෂණ විමරශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විවිධ බලපෑම් සිදුකරමින් බැන තර්ජනය කොට යම් යම් දේශපාලඥයන්ට වරද පටවමින් ඔවුන්ගේ නම් එකී 1 වන සැකකරුගේ ප්‍රකාශයට ඇතුලත් කරන ලෙස දන්වා ඇති බැවින්ද,

ඉන් අනතුරුව එසේ සිදු කරන ලද බලපෑම් මත යම් යම් දේශපාලඥයන්ගේ නම් එකී 1 වන සැකකරුගේ ප්‍රකාශයට ඇතුලත් කරන ලද හෙයින්ද,

ඉන් අනතුරුව එකී 1 වන සැකකරු 2026.03.12 වන දින රාත්‍රි 6.30 ට පමණ අත්අඩංගුවට ගෙන රාත්‍රී 9.00 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී සිය නීතිඥවරයා 1 වන සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙසට ඉල්ලීමක්ද කරමින් ඉහත කී තර්ජනය සම්බන්ධයෙන් කරුණු දක්වා මෙම නඩුව අද දින නියමිත මහේස්ත්‍රාත්තුමන් ඉදිරියේ කැඳවන ලෙසට ඉල්ලීමක් කළද 1 වන සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් නඩුව 2026.03.19 වන දිනට කැදවීමට නියම කරන ලද හෙයින්ද, මේ සම්බන්ධයෙන් සවිස්තාරාත්මක කරුණු අල්ලස් නඩු සම්බන්ධයෙන් කටයුතු කරන මහේස්ත්‍රාත්තුමන්ට හැකිතාක් ඉක්මනින් සැළකිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින 1 වන සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බැවින්ද,

ඒ අනුව හැකිතාක් ඉක්මනින් එයට අවස්ථාවක් ලබා ගැනිම සඳහා ඉල්ලිමක් කිරීමට මෙම නඩුව 2026.03.13 වන දින විවෘත අධිකරණයේ කැඳවන මෙන් ගෞරවයෙන් අයැද සිටිමි.”

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.