Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Foreign

ඉරාන පාලනය වෙනස් කිරීමට ඇමෙරිකාව මාන බලයි

වෙනිසියුලාවේ මදුරෝ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, ඊශ්‍රායලය ඒ පසුපස සිටින බවත් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. මේවනවිට ඉරාන රජයට එරෙහි විරෝධතා පවතී. ඇමෙරිකාව එම විරෝධතාවලට යම් ආකාරයක මැදිහත්වීමක් දක්වන බවත් විදෙස් විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ඉකුත් වසරේ ජුනි මාසයේදී ඇමෙරිකන් සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ඉරානයේ…

Published 08-01-2026 1 min read
වෙනිසියුලාවේ මදුරෝ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, ඊශ්‍රායලය ඒ පසුපස සිටින බවත් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේවනවිට ඉරාන රජයට එරෙහි විරෝධතා පවතී. ඇමෙරිකාව එම විරෝධතාවලට යම් ආකාරයක මැදිහත්වීමක් දක්වන බවත් විදෙස් විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඉකුත් වසරේ ජුනි මාසයේදී ඇමෙරිකන් සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට හානි කිරීම පමණක් වුව ද, දැන් ඔවුන් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ විකල්ප කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ද විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තුකරුවන් ඉරාන විරෝධතාකරුවන්ට සහාය දෙන බව ප්‍රසිද්ධ රහසක් බව ද පැවැසෙයි. ඉරානය පසුගිය දා ප්‍රකාශ කළේ, එවැනි එක් මොසාඩ් නියෝජිතයෙකු අත්අඩංගුවට ගත් බවය.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ පැහැර ගැනීමෙන් පසු ඇති වූ තත්ත්වය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් තවමත් තීරණ ගනිමින් සිටින බැවින්, ඉරානය සම්බන්ධයෙන් තවමත් අවසන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව ද දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමට එරෙහිව, ඉරානයේ පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවලදී මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 35 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව පාදක කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සතියකට වැඩි කාලයක් පුරා පවතින මෙම විරෝධතාවලදී 1,200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනු බවය.

මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සියට අනුව, මියගිය පිරිස අතර විරෝධතාකරුවන් 29 දෙනකු, ළමුන් සිව්දෙනකු සහ ඉරාන ආරක්ෂක අංශවල සාමාජිකයින් දෙදෙනකු සිටින බව ද පැවැසෙයි.

ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා එරට පළාත් 31 න් 27 ක ස්ථාන 250 කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති බව ද පැවැසෙයි.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.