Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

එජාප – සජබ සාකච්ජා වෙනම මාවතකට

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පළ කර තිබේ. ඒ, ඊයේ (07) පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. දෙපාර්ශවයේ සහයෝගීතාව පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර ඒ වෙනුවෙන් කමිටු පත් කිරීමටද එකඟතාවකට පැමිණ තිබේ. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල…

Published 08-01-2026 2 min read

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පළ කර තිබේ.

ඒ, ඊයේ (07) පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

දෙපාර්ශවයේ සහයෝගීතාව පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර ඒ වෙනුවෙන් කමිටු පත් කිරීමටද එකඟතාවකට පැමිණ තිබේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප උප සභාපති නවීන් දිසානායක පැවසුවේ,

“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතු රාමුවක් ගැන අපි අද කතා කළා. අපි කතා කළ විදියට දෙපාර්ශ්වය බොහෝ දුරට එකතුවෙලා වැඩ කරන්න රාමුවක් නායකතුමා යෝජනා කළා. මං හිතන්නේ ඒක බොහෝදුරට සාර්ථක වෙයි කියලා. පක්ෂ දෙකේම අනන්‍යතාව තියාගෙන එක තැනකට එන්න යාන්ත්‍රණයක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. නායකතුමා යෝජනා කළා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩල දෙකත් දැන් සාකච්ඡා කළ යුතුයි කියලා. ඒක ඉතාම ධනාත්මක අදහසක්. අපිට ඒ විදියට නොයෙකුත් ආකාරයේ එකමුතුව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාත් වෙනම සාකච්ඡා කරන්න යෝජනා වුණා.” යනුවෙනි.

මෙම සාකච්ජාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ පක්ෂ දෙක අතර ඒකාබද්ධ වැඩපිළිවෙලකට වූ එකඟතාව මත යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව 1. ජාතික වශයෙන් පළාත් පාලන ආයතනවල, නගර සභා, ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය අතර සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතුවලදී වැඩ කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීම.

  1. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩසටහන් 3 කට කරුණු ඉදිරිපත් කිරීම.
  2. දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කරන අතර, එම පක්ෂ වලටද මේ කරුණු පැහැදිළි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකේ නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීම.
  3. මෙම වැඩපිළිවෙලට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම.
  4. ඉන්පසුව පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධව මුණ ගැසී සාකච්ඡා කිරීම.
  5. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර ගිවිසුම් පිළිබඳවත්, අප සම්බන්ධ වී කටයුතු කරන පක්ෂත්, සමගි ජන බලවේගය සමග එකමුතු වී කටයුතු කරන අතර, එම සියලු පක්ෂ දැනුවත් කිරීම.ලෙස එම යෝජනා දක්වා තිබේ.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.