Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ජනතාවට කොලේ වැහුව Lammy, AKD සාකච්ඡාව

සංහිඳියාව සහ මානුෂීය ප්‍රමුඛතා පිළිබඳව,ආර්ථික සහයෝගීතාව, සහ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියක් සාකච්ඡා කිරීමට සහ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව සිදුවුවද එම සාකච්ඡාවේ කොටසක් පමණක් සමාජයට අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා. ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අඛණ්ඩව උත්සාහ…

Published 17-02-2026 4 min read

සංහිඳියාව සහ මානුෂීය ප්‍රමුඛතා පිළිබඳව,ආර්ථික සහයෝගීතාව,  සහ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියක් සාකච්ඡා කිරීමට සහ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව සිදුවුවද එම සාකච්ඡාවේ කොටසක් පමණක් සමාජයට අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අඛණ්ඩව උත්සාහ කරන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළඳ ප්‍රවේශය සහ ආයෝජන සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ සහාය ද ඇතුළුව ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන අතරතුර මෙම සාකච්ඡා පැවැත්වේ.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ගෝලීය සමාජ ගැටලු කෙරෙහි අවධානය යොමු කළ කෙටි නමුත් දැඩි නිල සංචාරයක් සඳහා ය.ද්විපාර්ශ්වික සහයෝගීතාව සාකච්ඡා කිරීම සඳහා ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති සහ විදේශ අමාත්‍යවරයා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව කල්තියාම ශ්‍රි ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික දැනුම් දි තිබේ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක  අතර ආර්ථික සහයෝගීතාව, සංහිඳියාව, මානුෂීය ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ආවරණය වන පරිදි සාකච්ඡා කරනු ඇති බවද එහි සදහන්ව තිබුන බව රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණයි කරමින් අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

කවුද මේ ලැමි..

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කර සිටින හිටපු හමුදාපති ශ්‍රවේන්ද සිල්ව ඇතුලු  ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට එක්සත් රාජධානිය සම්බාධක පැනවිමට කටයුතු කලේද එවකට බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරයාව සිටි වත්මන් නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමීය.

ඔහු උතුරේ ජන සංහාරයක් සිදුවු බවත් ඊට එරෙහිව පුළුල් ලෙස කතා කර ඇති අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමු කරන ලෙස ඉල්ලා සිටි අයෙකු වන අතර , “ශ්‍රී ලංකාවේ ස්වයං නිර්ණය, සාමය සහ යුක්තිය සඳහා දෙමළ ජනතාව කළ කැපකිරීම්සඳහා උපහාර දැක්වු අයෙකුද වනවා.

ජනාධිපති මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයේ දැක්වේන්නේ

උපුටා ගැන්ම PMD මාධ්‍ය වාර්තාව.

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් – AKD

ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙළට එක්සත් රාජධානියේ අඛණ්ඩ සහායඑක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy

පසුගිය ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීනව සිදු වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බවද සඳහන් කළේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වූ  අමිහිරි අත්දැකීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  ඒ වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේදී සංචාරක කර්මාන්තය, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත්, එක්සත් රාජධානියට එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම එක්සත් රජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතු දම සිහිපත් කරමින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයන වෙළෙඳපොළ තුළ එක්සත් රාජධානිය මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන පුළුල් දායකත්වයත්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී  මෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟළුම සඳහා පනවා තිබු තීරු බදු ඉවත් කරමින් ලබා දුන්  සුවිශේෂී සහායත් කෘතවේදීව අගය කළේය.

එක්සත් රාජධානීය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා සෑම විටම ශ්‍රී ලංකාවට ඉතා සමීප රටක් ලෙස කටයුතු කිරීමට ලැබීම ඉතා අගය කරන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව අනුගමනය කරන ආර්ථික සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

උපුටා ගැන්ම අවසන්

ඒ අනුව ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy අතර සංහිඳියාව සහ මානුෂීය ප්‍රමුඛතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවු බවක් එහි දක්වා නැත. කෙටියෙන්ම කිවහොත් දමිළ ජනතාව සහ යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවු බවට Lammy විසින්ද ඉදිරිපත් කරන අපරාධ සම්බන්ධයෙන් හෝ ඊට අදාළ සංහිඳියාව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වු බවක් එහි සදහන් වි නැත.

ඒ අනුව ඉතාම පැහැදිලිවම සාකච්ඡා කරන ලදසංහිඳියාවේඅංශ පිළිබඳව ශ්‍රී ලංකා රජය වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.

මේ අතර කොළඹදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවි දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද කුරිරුකම් සම්බන්ධයෙන් වගවීම සඳහා මැදිහත් වන අයුරු සහ ඊට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වේ කම්කරු පක්ෂ මන්ත්‍රීනි උමා කුමාරන් අනාවරණය කර සිටි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමේ අවශ්‍යතාවය මම නැවත වරක් මතු කර ඇත්තෙමිදෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද ඓතිහාසික ම්ලේච්ඡ ක්‍රියා ඇතුළුව,”

ඇය තවදුරටත් සදහන් කලේ කොළඹ සමඟ සිදුවන ඕනෑම සම්බන්ධතාවයකදී දෙමළ වින්දිතයින්ට යුක්තිය ඉටුවීම කේන්ද්‍රීය විය යුතු බව අවධාරණය කරමින්, එක්සත් රාජධානියේ නිලධාරීන් සමඟ මෙම ගැටලුව සෘජුවම මතු කළ බවයි.

වත්මන් ශ්‍රී ලංකා රජයන් ඊසානදිග පුරා සිදු වූ සමූහ ම්ලේච්ඡ ක්‍රියා, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ අනෙකුත් අපයෝජන සම්බන්ධයෙන් විශ්වාසදායක පරීක්ෂණ ලබා දීමට අපොහොසත් වී ඇති බවට නැවත නැවතත් මතක් කර සිටින ඇය 2009 දී මුල්ලිවයික්කාල්හි දස දහස් ගණනක් සමූලඝාතනය කිරීම ඇතුළු අපරාධ, ජන සංහාරයක් ලෙස වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක්වෙමින් පවතීන බවද අවධාරණය කරනවා.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.