Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ජුස් බාර් එක අල්ලන්න හාමුදුරුවෝ හිරේ දැමු මාලිමා මන්ත්‍රී

  ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මාලිමාවේන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රී රොෂාන් අක්මීමනගේ ජූස් බාර් එක බලහත්කාරයෙන් අත්පත් කර ගැනිම සදහා නීතිය අවභාවිතා කරමින් ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධියක් හරහා බන්ධනාගාරගත කර සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනාට අද අධිකරණය ඇප ලබාදුන්නා. එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ ඇප…

Published 11-02-2026 2 min read

 

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මාලිමාවේන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රී රොෂාන් අක්මීමනගේ ජූස් බාර් එක බලහත්කාරයෙන් අත්පත් කර ගැනිම සදහා නීතිය අවභාවිතා කරමින් ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධියක් හරහා බන්ධනාගාරගත කර සිටි බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිවු නම සහ සෙසු සැකකරුවන් හය දෙනාට අද අධිකරණය ඇප ලබාදුන්නා. එක් අයකුට මුදලින් රුපියල් දහදහස බැගින් වූ  ඇප සහ රුපියල් ලක්ෂ 10 ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ල අද නියෝග නිකුත් කලා

පසුගිය රජයන් සමයේ ඉන්දියානු විරෝධී හමක් පොරවාගෙන සිටි රොෂාන් අක්මීමන එම සටන් හරහා මාලිමාවට මුවාවි සිය ඡන්ද සටන මෙහෙයවු අතර එ හරහා පාර්ලිමේන්තු පැමිණි අයෙකු වේ.පසුව සිය ව්‍යාපාර ආරම්භ කිරිම සදහා විවිධ කුමන්ත්‍ර දියත් කරමින් සිටි බව නොරහසකි

මෙම ගැටලුවට පාදක වූ වෙරළ තීරයේ ඉඩමට 1951 වසරේ සිට පූජා භූමියක් වශයෙන් අවසර පත්‍ර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය, මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය, නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය, නගර සභාවේ මෙන්ම දහම් පාසලක් පවත්වාගෙන යෑමේ අවසරය පවා තිබියදී එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් අනවසරයෙන් තැන්පත් කළ බව කියමින් කලබලකාරි තත්ත්වයක් ඇති වු අතර ආණ්ඩුව පොලිස් බලය උපරිමයෙන් යොදවා එම පිළිමය පවා ඉවත් කිරිමට කටයුතු කළා.ඊට ප්‍රධානතම හේතුව වුයේ අදාල පන්සල් භූමියේ ඉදිකර තිබු ජූස් බාර් එක අත්පත් කර ගැනිමට අක්මිම්මට තිබු ඔනෑකම් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ ස්ථානයේ විහාරස්ථානය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සදහා ජුස් බාර් එකක් පවත්වාගෙන යැමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමල  නගර සභාව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අනෙකුත් ආයතනවලින් නිසි අවසරය දි තිබු අතර එයට වර්තමාන විහාරාධිපති තිරිකුණාමලයේ කල්‍යාණ තිස්ස වංශ හිමියන් දායක සභාවේ අනුමැතිය මත  හතරෙන් එකක කොටසක් විහාරස්ථානයට ලැබෙන පරිදි තිලක් පෙරේරා නම් වු අයෙකුට නීතියට අනුව පවරා තිබුනා. අදාළ බදුකරු එක්සත් ජාතික පක්ෂයට අයත් අයෙකු විම අක්මිමණගේ වෛරයට හේතුව වි තිබේ.

ඒ අනුව මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ හා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි සජිත් ලක්මාල් යන දෙදෙනා ත්‍රිකුණාමලයේ නගර සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහි සදහන් වන්නේ අදාළ ජුස් බාර් එක අනවසර ඉදිකිරීමක් බවයි. ඒ අනුව මේම ස්ථානය බලහත්කාරයෙන් අත්පත් කර ගැනිම සදහා පොලිසියේද සහය ලබාගැනිමට මන්ත්‍රී බලය බාවිතා කර තිබේ. ඒ අනුව පන්සල සම්පූර්ණයෙන් ඉවත්කර එම භුමිය අල්ලා ගැනිම සහ එහි හෝටලයක් ඉදිකිරිම රොෂාන් අක්මීමනගේ උත්සහය වි තිබේ.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.