Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Political

හෙට සිට නඩු බලන හැටි

පුනරුද රජයේ අධිකරණ කේෂ්ත්‍රයේ පැහැදිලි වෙනසක් ආරම්භ වන කාලසීමාවක් හෙටින් ආරම්භ වන බව වාර්තාවේ. අවාසනාවකට එය අධිකරණයේ ස්වාධීනත්වයට පෙර කිසිදු පාලනයක් යටතේ නොවූ තරම් අත පෙවීමක් බව අප අධිකරණ වාර්තාකරු පවසයි. පසුගිය සිකුරාදා පස්වරුවේ මේ පිළිබද ඉතා වැදගත් රහසිගත සාකච්ඡාවක් අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් , අගවිනිසුරු…

Published 22-02-2026 2 min read

පුනරුද රජයේ  අධිකරණ කේෂ්ත්‍රයේ පැහැදිලි වෙනසක් ආරම්භ වන කාලසීමාවක් හෙටින් ආරම්භ වන බව වාර්තාවේ. අවාසනාවකට එය අධිකරණයේ ස්වාධීනත්වයට පෙර කිසිදු පාලනයක් යටතේ නොවූ තරම් අත පෙවීමක් බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

පසුගිය සිකුරාදා පස්වරුවේ මේ පිළිබද ඉතා වැදගත් රහසිගත සාකච්ඡාවක් අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් , අගවිනිසුරු ලේකම්‍ ආනන්දි කනගරත්නම්  යන අයද මේ සාකච්ඡාවට එක්වී ඇත.

ලංකා ජයරත්න , මංජුල තිලකරත්න, රශ්මි සිංගප්පුලි, මොහොමඩ් මිහාල්,උදේශ් රණතුංග , බුද්ධික ශ්‍රි රාගල ,  ඇතුළු විනිසුරුවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට  සහභාගි වී ඇත.

එහිදී අගවිනිසුරුවරයා විනිසුරුවරුන් ට දැනුම් දී ඇත්තේ, තමන් යටතේ පවතින ප්‍රසිද්ධ පුද්ගලයන්ට අයත් සියළුම නඩු වාර්තාවල ලැයිස්තුවක් සදුදා [23] දින සවස 4ට පෙර තමන් වෙල ලැබීමට සලස්වන ලෙසයි.

රජයේ අරමුණ හැකි ඉක්මනින් මෙම නඩු කටයුතු අවසන් කිරීම බවත් ඒ සදහා කටයුතු කඩිනම් කරන බවත් අගවිනිසුරුවරයා දැනුම් දී ඇත. ඉක්මනින්  මෙම ප්‍රසිද්ධ චරිත වරදකරුවන් කල යුතු බව අග විනිසුරුවරයා  අවධාරණය කර ඇත. දේශපාලනීකරණය නොවූ තනතුරකින් මෙවැනි ඉල්ලීමක් සිදුවීම අනගතයේ සිදුවන සාමාජයීය අනතුරක සේයාවක් බව අප අවධාරණය කර සිටිමු.

අධිකරණ ඇමතිවරයාද පසුගියදා ප්‍රකාශකලේ වර්තමාන අගවිනිසුරුවරයා යටතේ නඩු පවරනවාට වඩා ඉක්මනින් නඩු අවසන්වන බවයි.

මේ අතර අධිකරණ සේවා කොමිසමේ ඉහල නිලධාරියෙකු සහ රජයේ දේශපාලන අධිකාරියේ අති ප්‍රබලයෙකු අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී  අගවිනිසුරුවරයා හට සේවා දිගුවක් ලබාදීමේ හැකියාව ගැන ද සාකච්ජා වී ඇත.

සී.ජේ. වැඩේට උනන්දුයි. එක්ස්ටන්ෂන් එකක් දුන්නොත් ඔය උනන්දුවෙන් ඉක්මනින් වැඩ ටික ඉවරකර ගන්න පුලුවන්යැයි එහිදී සාකච්ඡා වී ඇත.

පද්මන් සූරසේන මහතාගේ සේවා කාලය නොවැම්බර් මාසයේ අවසන් වීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු  අධිකරණ සේවාවේ විශ්‍රාම වයස් වැඩි කරන ලෙස  ෆයිසර් මුස්තපා මහතා පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙනවිත්  ඇති තත්වයක් තුල එය භාවිතාකර සේවා දිගුවක් ලබා දීම ගැන ද එහිදී සාකච්ඡා වී ඇත.

මන්ත්‍රි වරප්‍රසාද ඉවත්කිරීම , විශ්‍රාම වැටුප් කප්පාදුව වැනි රජයට ඉතා වාසිදායක තීන්දු පසුගිය කාලයේ ලැබී ඇති තත්වයක් තුල රජය තුනෙන් දෙකක බලතල පාවිච්චි කර ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අගවිනිසුරු ධූර කාලය වැඩි කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සභානායක බිමල් රත්නායක ප්‍රකාශකලේ අධිකරණය ජන මතය තේරුම් ගත යුතු බවයි.

ඉදිරියේදී අධිකරණ කේෂත්‍රයේ සිදුවන වෙනස්කම් ගැන ඩාක් රූම් අප කණ්ඩායම දැඩි අවධානයෙන් බලාසිටින සටහන් කරනු කැමැත්තෙමු.

අගවිනිසුරුවරයා ගේ නිර්දේශ මත  පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදුන් අතර  , එම කර්තව්‍යයේදී  ජේෂ්ඨත්වය ද සැලකීමට ලක්කරන ලෙස ඉල්ලා නීතිඥ සංගමය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබි.

කෙසේ නමුත් නීතිඥ සංගමය සහ අගවිනිසුරුවරයා සහ අධිකරණ කොමිෂන් සභාව අතර යම් දුරස්වීමක් ඇතිවී තිබෙන බව අපට නිරීක්ෂණය වී ඇති බව සදහන් කරමු.

පළාත් සභා ජන්දය ඉක්මනින් පවක්වන ලෙස ඉන්දීය රජයේ බලපෑම් වැඩි වී තිබෙන මෙහොතක , ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙකු සිරගත කර රජයේ ජනප්‍රියතාවය ඉහල නංවාගෙන ජන්දයකට යාම රජයේ අරමුන වී ඇත.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.