Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

උතුරේ පොලිසියට අමු කවයි.. ලයිසන් නැති තරුණයාගේ හිසට වෙඩි .

  වත්මන් ආණ්ඩුවේ උතුරේ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කිරිම සදහා යම් කුමන්ත්‍රණය යෙදි සිටින බවට තවත් අනාවරණය වන සිදුවිමක් යාපනයෙන් වාර්තා වනවා .අඟහරුවාදා අලුයම යාපනයේ මුරපොලකදී නියෝග පිළිපැදීමට අපොහොසත් වූ බව කියන වාහනයක් නැවැත්වීමට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙඩි තැබිමත් එම වෙඩි තැබිමෙන් 17 හැවිරිදි දෙමළ පිරිමි ළමයෙකු ඝාතනය විමත් සමගම ප්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්වයක් වාර්තාවන…

Published 10-02-2026 2 min read

 

වත්මන් ආණ්ඩුවේ උතුරේ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කිරිම සදහා යම් කුමන්ත්‍රණය යෙදි සිටින බවට තවත් අනාවරණය වන සිදුවිමක් යාපනයෙන් වාර්තා වනවා .අඟහරුවාදා අලුයම යාපනයේ මුරපොලකදී නියෝග පිළිපැදීමට අපොහොසත් වූ බව කියන වාහනයක් නැවැත්වීමට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙඩි තැබිමත් එම වෙඩි තැබිමෙන් 17 හැවිරිදි දෙමළ පිරිමි ළමයෙකු ඝාතනය විමත් සමගම ප්‍රදේශයේ යම් උණුසුම්කාරී තත්වයක් වාර්තාවන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

තරුණයා වට්ටුකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි ‘ඇල්බිනෝ අරුල් බයස්’ ලෙස හඳුනාගෙන ඇති අතර පවුලේ දැඩි දුෂ්කරතා හේතුවෙන්, ඔහු වයස අවුරුදු දාහතේදී රැකියාවට ගොස් ඇති අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව වැන් රථය ධාවන කිරිම හේතුවෙන් යාපනයේ මුරපොලකදී නතර නොකර ඉදිරියට ධාවනය කර තිබෙන බව පොලිසි පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. පොලිසිය වෙඩි තබන අවස්ථාවේ වැන් රථය තුල මරණයට පත් තරුණයාගේ ඥාතින් දෙදෙනෙකුද ගමන් කරමින් සිට තිබේ.

පොලිසිය පවසන්නේ, යාපනය-උර්කාවල්තුරෙයි මාර්ගයේ ඇලයිපිඩ්ඩි හන්දියේ පිහිටි මුරපොලක නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී හයිස් වර්ගයේ වාහනයක් නැවැත්වීමට උත්සාහ කල බවත් වාහනය නතර කිරීමට අපොහොසත් වූ නිසා ඔවුන් වෙඩි තැබූ බවයි.

තරුණයාගේ මරණ පරීක්ෂණයේදී තහවුරු වූයේ මාරාන්තික උණ්ඩය ඔහුගේ නළලට ඇතුළු වී, ඔහුගේ හිසට විනිවිද ගොස් මොළය සිදුරු කර ඇති බවයි.පශ්චාත් මරණ පරීක්ෂණය අද යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. මයුරතන් ඉදිරියේ පැවැත්විණි.

“ඔවුන් ඔහුට අසාධාරණ ලෙස වෙඩි තබා මරා දැමුවා.”- අරුල් බයස්ගේ නැන්දා

තරුණයාගේ පවුලේ අය මෙම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට චෝදනා එල්ල කර තිබේ. .

මෙම යෞවනයාට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබුණද, පවුල මුහුණ දෙන දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහු රියදුරෙකු ලෙස සේවය කර ඇති බව වාර්තා වේ . ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් ඔහුට බලපත්‍රයක් නොමැතිව දිගටම සේවය කිරීමට හැකි වූ බවට ඇය චෝදනා කළාය.

වත්මන් ආණ්ඩුව උතුරු-නැගෙනහිර බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ එහි අඛණ්ඩ අපයෝජන සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතර කනස්සල්ල මෙම ඝාතනය තීව්‍ර කර තිබේන බව දක්නට ඇති බවයි අප උතුරේ වාර්තාකරු පවසයි.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.