Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

නන්දන ගුණතිලක, ඔබට සුබ ගමන්

නන්දන ගුණතිලක, ඔබට සුබ ගමන් !   ජවිපේ පැරණි සාමාජිකයෙක් වූ නන්දන ගුණතිලක මහතා පක්ෂය මර්දනය කිරීමෙන් පසු නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා උත්සාහ ගත් කිහිපදෙනා අතර ප්‍රමුඛතම පුද්ගලයෙකි.1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා වූයේ ද නන්ද ගුණතිලක මහතාය. පසුකාලීනව ජවිපෙන් ඉවත් වූ නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතු වල නිරත විය.…

Published 18-01-2026 1 min read

නන්දන ගුණතිලක, ඔබට සුබ ගමන් !

 

ජවිපේ පැරණි සාමාජිකයෙක් වූ නන්දන ගුණතිලක මහතා පක්ෂය මර්දනය කිරීමෙන් පසු නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා උත්සාහ ගත් කිහිපදෙනා අතර ප්‍රමුඛතම පුද්ගලයෙකි.1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා වූයේ ද නන්ද ගුණතිලක මහතාය.

පසුකාලීනව ජවිපෙන් ඉවත් වූ නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතු වල නිරත විය. නන්දන ගුණතිලක මහතා වරක් පානදුර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කලේය.

රෝහල් ඇඳෙහි ගිලන්ව වැතිර සිටියදී නන්දන ගුණතිලක මහතා ලියූ නිසැඳැසක් පහතින් අමුණමි.(එකවරම අක්මාව , වෘක්ක , සහ ආමාශය..බීල නං කමක්නෑ …)

පොලිමර් අනිත්‍යය
—————-
මෙ තරම් ඉක්මණින්
මේ පොලිමර් බෝතල වලට
බාර දෙන්නට සිතුවෙ නැත …
මගේ ගමන ……

බුදුන් කියා ඇත්තේ
පදාර්ථය තුළට ඇතුළුවන සිත
සියල්ල හැසුරුවන
නමුත් ජීවය අනිත්‍ය බවයි…

මාක්ස්ට සිත පදාර්ථය ව්සින්
නිර්මාණය කර දේ..

මොක වුනත් දැන් එය
මේ බෝතලයේ
සිරකරුවකුම පමණි..

එහෙත් ,
පුංචි ම පුංචි
බලාපොරොත්ත්තුවක්
හෘදය තුළ තවම නළියයි
ඒ බෝතලය තුළ තවම
අර දකුණු පැත්තේ
තරමක් බෙලහීනව
මගේ හෘදය
දිදුළමින් ලෙළෙන නිසාය …

ආමේන්….!

නන්දන ගුණතිලක, ඔබට සුබ ගමන් !

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.