Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ගල් අඟුරු ගිණි ගනී – කෝප් කමිටුව රංගනයක

විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න විසින් සකස් කරන ලද මහත් මතබේදයට තුඩුදෙන බාල ගල් අඟුරු සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව අවුල් කිරිම සදහා ජනාධිපතිවරයා පුමුඛ මාලිමා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.   අනිද්දා (සිකුරාදා) පැවැත්වෙන බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග විවාදය අවුල් කිරිම අරමුනෙන් හෙට පැවැත්වෙන් කෝප් කමිටු හමුවේදී…

Published 08-04-2026 2 min read
විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න විසින් සකස් කරන ලද මහත් මතබේදයට තුඩුදෙන බාල ගල් අඟුරු සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව අවුල් කිරිම සදහා ජනාධිපතිවරයා පුමුඛ මාලිමා ආණ්ඩුව කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

 

අනිද්දා (සිකුරාදා) පැවැත්වෙන බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග විවාදය අවුල් කිරිම අරමුනෙන් හෙට පැවැත්වෙන් කෝප් කමිටු හමුවේදී ලංකා ගල් අඟුරු නිලධාරීන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමටද නියමිතය. ඒ සදහා සීමාසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ උසස් නිලධාරීන්ට ද රජයෙන් බලපෑමක් සිදුකර ඇත. නමුත් ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නඩු තීන්දුව සහ මෙහි යම් සමානකමක් ඇති බැවින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැති බවයි .
අද පැවැති ජනතා විමුක්ති පෙරමුනේ අභ්‍යන්තර කවයේ සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ මෙය ඉතාම භයානක වාර්තාවක් බවයි.

” අපිට බලය නැති පලවෙනි විනාඩියෙදි මේක ඇදෙනවා. මගෙ ඉදල හැමෝටම හිරේ යන්න වෙන කේස් එකක්”

අනුර කුමාර දිසානායක දැඩි භීතියෙන් යුතුව පවසා ඇත.
මේ අතර කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර අද දිනයේ විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න අමතා ඉල්ලා ඇත්තේ මීට පෙර සිදුවූ ගල් අඟුරු වංචාවන් ගැන ඇමනුමක් විගණකාධිපති වාර්තාවක් ලෙස නිකුත් කරන ලෙසයි. ඇය එයට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැත.
මේ අතර ගල් අඟුරු වංචාවේ දේශීය නියෝජිතයා සැගවීම වෙනුවෙන් රුපියල් මිලියන ගනණක කොන්ත්‍රාත්තුවක් වෙබ් අඩවි වෙත ලබා දී ඇති බව වාර්තා වේ.බොහෝ වෙබ් සහ යූ ටියුබ් සදහා මුදල් ආධාර ලබා දී ඇති අතර නුගේගොඩ ගුවන් පාලම යටදී  බව වාර්තා වෙයි
මෙහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කල සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ කටයුතු කල බව පසුගිය සතියේ හෙලි වූ අතර තමන් ඊට සම්බන්ධ නැති බව රඛිත රාජපක්ෂ පැවසූ බව සිරස මාධ්‍යය වාර්තා කලේය.
නමුත් පසුගිය දිනවල රඛිත රාජපක්ෂ මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සහ සීමසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමට පැමින වැදගත් ලියවිලි රැසක පිටපත් ලබාගත් බව  අප කොළඹ වාර්තාකරු පැවසීය.
ගල් අඟුරු මගඩියේ දේශීය නියෝජිතයන් ගැන ඩාක් රූම් වෙබ් අඩවිය මුලින්ම හෙලිදරව් කල අතර එය සිදුවී දින දෙකකින් හක්මන නන්දාලෝක හිමි සිය පෞද්ගලික ගිණුමෙන් ඩාක් රූම් යූ ටියුබ් නාලිකාවට විරුද්ධව පැමිණිල්ලක් සිදුකරන ලදි.

මෙම ගල් අඟුරු මගඩියේ දේශීය නියෝජිතයින් වසන් කරනු පිණිස පක්ෂ සහ විපක්ෂ දේශපාලඥයන් කීප දෙනෙකු ඩාක් රූම් ඇමතූ අතර එම හඩ පට අප සතුව ඇත.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.