Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

අගමැති සටන උණුසුම්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ඇය දියත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙනි. විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගෙන් ඇයට තබදල විවේචන එල්ල වෙමින් පවතී. මේ තත්වය තුළ, මේ පීඩනය උපයෝගී කරගෙන ජවිපෙ පක්ෂ කාඩරය සතුටු කිරීම සඳහා හරිනි අමරසූරිය…

Published 08-01-2026 1 min read

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව සිටින්නේ අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ඇය දියත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙනි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකගෙන් ඇයට තබදල විවේචන එල්ල වෙමින් පවතී.

මේ තත්වය තුළ, මේ පීඩනය උපයෝගී කරගෙන ජවිපෙ පක්ෂ කාඩරය සතුටු කිරීම සඳහා හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයෙන් ඉවත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඇයව අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සභානායක බිමල් රත්නායක මහතාව අගමැති ධුරයට පත්කිරීමට සූදානමක් ද පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

බිමල් රත්නායක මහතා මෑතකදී චීනයේ සංචාරයක නිරත වූ අතර ඔහු චීන සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණියේ පාකිස්ථානයේ ද සංචාරයක නියැළීමෙන් අනතුරුව ය.

ඒ අනුව, අගමැති ධුරයට ඔහු යෝජනා වීම පසුපස චීනය ද සිටින බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.