Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Political

ජනතාවට අමු බොරු කියා .. මිල්කෝ යලි අමුල්ට දෙන ලකුණු

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඉන්දීය සංචාරය අතරතුර ආනන්ද් හි අමුල් කිරි නිෂ්පාදනාගාරයේ කල සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සුබවාදී මත පලකරමින් සිටින අතර ඔහුන් සදහන් කරනුයේ වත්මන් රජය සමග අමුල් සමාගම නව ගිවිසුමකට යැමට ඉතාම ඉහල අවස්ථාවක් ඇති බවයි. ඉන්දීය අමුල් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ මිල්කෝ සමාගම සම්බන්ධ යෝජිත ඒකාබද්ධ…

Published 18-02-2026 2 min read

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඉන්දීය සංචාරය අතරතුර ආනන්ද් හි අමුල් කිරි නිෂ්පාදනාගාරයේ කල සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සුබවාදී මත පලකරමින් සිටින අතර ඔහුන් සදහන් කරනුයේ වත්මන් රජය සමග අමුල් සමාගම නව ගිවිසුමකට යැමට ඉතාම ඉහල අවස්ථාවක් ඇති බවයි.

ඉන්දීය අමුල් සහ  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ මිල්කෝ සමාගම සම්බන්ධ යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයක් සදහා ඇතිකරගෙන තිබු ගිවිසුම බලයට පත්වීමෙන් පසු NPP රජය නවතා දැමු අතර ඊට ආසන්නතම හේතුවද වුයේ ටිල්වින් සිල්වා දැරු දැඩි ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව තිබු මතවාදයයි. පසුව අනුරගේ ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දියාව සැලසුම්සහගතව අනුරව අමුල් සමාගම වෙත රැගෙන යෑමට පියවරගත් සේම ටිල්වින්ටද එයම අත්විඳීමට සිදුවිය.

2024 ජූලි මාසයේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් NLDB සහ මිල්කෝ සතු ගොවිපලවල් වසර 99 කට අමුල් වෙත බදු දීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. සැලැස්ම යටතේ, අමුල් සමාගමට සියයට 52 ක කොටස් හිමිවන අතර, ශ්‍රී ලාංකික ආයතන සියයට 48 ක අයිතිය රඳවා ගනු ඇත

කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුව ප්‍රකාශ කළේ රජය ගිවිසුම අලුත් නොකරන බවත්, NLDB සහ මිල්කෝ යන දෙකම ලාභදායී ලෙස ක්‍රියාත්මක වන බවත් නව පරිපාලනය යටතේ ස්ථාවර වී ඇති බවත්ය. නමුත් එය පුස්සක් බව ඔවුන් ම දනී.

අමුල් වෙත ගිය ටිල්වින්  ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (අමුල්) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ජයන් මේතා, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ශ්‍රී එස්. රජීව් සහ අමුල් කිරි නිෂ්පාදන අංශයේ ප්‍රධානී  ශ්‍රී මනෝජ් මුන්දාඩා යන අය විසින් පිලිගත් අතර අමුල් හි උරුමය සහ වර්ධනය පිළිබඳ දළ විශ්ලේෂණයක් සමඟින් සංචාරය ආරම්භ වූ අතර, පසුව කම්හල් පහසුකම් පිළිබඳ මාර්ගෝපදේශක චාරිකාවක් ද සිදු කරන ලද අතර, එහිදී නියෝජිත පිරිස උසස් ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය සහ හොඳින් ව්‍යුහගත මෙහෙයුම් පද්ධති පිළිබඳවද ටිල්වින්ට පෙන්වා තිබේ.

නිරීක්ෂණ චාරිකාව අවසානයේදී එහි තබා තිබූ අමුත්තන්ගේ පොතෙහි විශේෂ සටහනක් තැබීමටද ටිල්වින් කටයුතු කර තිබු අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සිය දැඩි අවධානය යොමුකර තිබේ. එහි ටිල්වින් සටහන් කර ඇත්තේඅමුල් සමාගම යනු කිරි ගොවීන්ගේ අයිතිය සුරකින ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවත්, ගොවීන් හා රජය එක්ව ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අමුල් සමාගම හරහා විශාල ශක්තියක් ලබාදී ඇති බවත් අමුල් හි අඛණ්ඩ වර්ධනය සහ දිගුකාලීන ප්‍රගතිය සඳහා සුබපතන බවත් මෙය අනෙක් රටවලටද ඉතා හොඳ උදාහරණයක් බවයි.”

අනුව ඉන්දීය ස්වාධීන මාධ්‍ය කණ්ඩායම් සදහන් කරන්නේ අමුල් සමාගම සම්බන්ධයෙන් ටිල්වින් තැබූ මෙම සටහන ඉතා තීරණාත්මක එකක් බවත් හරහා නැවතත් ලංකාවේ මිල්කෝ ආයතනය අමුල් සමාගමට පැවරීමේ යම් ඉඟියක් ලබාදි ඇති බවත් .

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.